Skip to content

ඉරිදාට ටියුෂන් තහනම් වෙන සබරගමුව

සබරගමු පලාතේ ඉරිදා දිනයේ උදේ වරුවේ උපකාරක පංති පැවත්වීමත් පස්ලොස්වක පොහෝ දිනයේත් උපකාරක පංති පැවත්වීම තහණම් කරමින් පනවා තිබු නීතිය තදින් ක්‍රියාත්මක කිරිමට සබරගමු පලාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා තීරණය කර ඇතැයි ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පවසයි  

සබරගමුවේ දහම්පාසැල් අධ්‍යාපනය ඉහල නැංවීමේ අරමුණින් එම තීරණය ආණ්ඩුකාර වරයා විසින් ගනු ලැබු බව ලේකම් වරයා ප්‍රකාශ කරයි. එමෙන්ම රජයේ පාසැල්වල තම පංතියේ සිසුන්ට උපකාරක පංති පැවත්වීමද තහනම් කර ඇත. මෙම නියමයන් උල්ලංඝනය කර උපකාරක පංති පවත්වන්නේද යන්න සොයා බැලීම සඳහා පලාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් විමර්ශණ ද ආරම්භ කිරීමට නියමිතය.

Latest