Skip to content

ආණ්ඩුකාර ධූරයේ වැටුප සබරගමුවේ අධ්‍යාපනයට..

සබරගමු පලාතේ ආණ්ඩුකාර වරයා ලෙස මට ලැබෙන වැටුප පලාතේ අධ්‍යාපනය නැංවීම සඳහා අරමුදලකට යොමු කරන්න එමගින් පාසැල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු කිරීමට දායකත්වයක් දිය හැකියි .                  සබරගමු පලාතේ නව ආණ්ඩුකාර වරයා ලෙසින් ඊයේ (15) දා පෙරවරු 11.19 යෙදුන සුභ මොහොතින් ආණ්ඩුකාර කාර්‍යාලයේ වැඩ ආරම්භ කරනින් ලිඛිතව ඉල්ලීමක් කරමින් අධිනිතිඥ නවින් දිසානායක මහතා ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා වෙත දන්වනු ලැබීය.                                                      

සබරගමු පලාතේ හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පසුගිය 10 වනදා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කිරීමෙන් පසු ජනාධිපති වරයා විසින් හිටපු අමාත්‍යවරයකු වු අධිනීතිඥ නවීන් දිසානායක මහතා සබරගමු ආණ්ඩුකාර වරයා ලෙස පත් කරනු ලැබීය                                                                                          

ඒ අනුව සබරගමු ආණ්ඩුකාර වරයා ලෙස තම කටයුතු ආරම්භ කිරිමට පෙර රත්නපුර සමන් දෙවාලයට ගොස් ආගමික වතාවත් ඉටුකොට සමන් දේව ආශිර්වාදය ලබා ගනු ලැබීය.                                                                                    

                                             

අනතුරුව සබරගමු පලාත් සභාව වෙත පැමිණ නවීන් දිසානායක මහතාව පලාත් සභාවේ ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරින් විසින් පිලිගනු ලැබින. ධූරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් පාසු පලමු ලිපිය ලෙසින් තම වැටුප ලබා නොගන්නා බවත් එම මුදල් සබරගමු පලාතේ පාසැල් දරුවන්ගේ සුභ සාධනය වෙනුවෙන් වැය කිරීමට අදහස් කරන බැවින් ඒ සඳහා අරමුදලක් පිහිටුවා ඊට යොමු කරන ලෙස ප්‍රධාන ලේකම් වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කලේය.

                                                 

අනතුරුව පලාත් සභාවේ රාජ්‍ය නිලධාරින් ඇමතු ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා සබරගමුව ඉහළට ඔසවා තැබීම සඳහා ක්‍රියාත්මක කෙරෙන නියමු ව්‍යාපෘති සඳහා ජපානයේ හා චීනයේ සහය හා ආධාර ලබා ගැනිමට අදහස් කරන බවත් මේ වනවිටත් එම රාජ්‍යයන් දෙක ඒ සඳහා කැමැත්ත පල කර ඇති බවත් ප්‍රකාශ කලේය.

Latest