Skip to content

සාත්තු සේවය සදහා තවත් කණ්ඩායමක් ඊශ්‍රායලයට.

ඊශ්‍රායලයේ සාත්තු සේවය සදහා මේ වන විට 350 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුයක්ති කාර්යංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සාග්‍රමණ අධිකාරිය අතර 2020 වසරේදී ඇති කර ගන්නා ලද ගිවිසුමක් අනුව මෙරට වෘත්තීකයින්ට එරට රැකියා අවස්ථා හිමිවී ඇත. මෙම කටයුත්ත සෘජුවම විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් පමණක් සිදු කරන බවත්, බහිර පුද්ගලයෙකුට මුදල් හෝ වෙනත් යමක් ලබා දීමෙන් ඊශ්‍රායලයේ සාත්තු සේවය සදහා පිටත්ව යා නොහැකි බවද රජය සදහන් කරයි.

සාත්තු සේවය සදහා පිටත්ව යන 58 වෙනි කණ්ඩායමට ගුවන් ටිකට් පත් ප්‍රදානය කිරීම එම අමාතයාංශයේදී 25 වැනිදා සිදු කරන ලදි.

Latest