Skip to content

සාත්තු සේවය සදහා 60 වන කණ්ඩායමද ඊශ්‍රායලයට පිටත්ව යයි.

ඊශ්‍රායලයේ සාත්තු සේවය සදහා පිටත්ව යන මෙරට 60 වන ශ්‍රමික කණ්ඩායම සදහා ගුවන් ටිකට් පත් බාර දීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් 09 වැනිදා සිදු කරන ලදි.

කොළඹ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පැවති චාම් උත්සවයකදී ගුවන් ටිකට් පත් ප්‍රධානය කිරීම සිදු කරන ලදි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංගක්‍රමණ අධිකාරිය අතර 2020 වසරේදී ඇති කර ගන්නා ලද ගිවිසුමක් අනුව මෙරට තරුණ පිරිසට ඊශ්‍රායලයේ සාත්තු සේවකයින් ලෙස රැකියාවට යාමට අවස්ථාව උදා වී ඇත.ඒ අනුව 2020 අප්‍රියල් මස 28 වෙනිදා සිට මේ වන විට ශ්‍රී ලාංකිකයින් 372 නෙකු සාත්තු සේවය සදහා ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් ඇත.

Latest