Skip to content

සාමාන්‍ය පෙළ සමත් දරුවන්ට ඉන්දියාවෙන් මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව

අපොස සාමාන්‍ය පෙළ ඉහළින් සමත් සිසු දරුවන්ට ඉන්දියානු රජය විසින් ලබාදෙන මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව ප්‍රදානය ඊයේ (18) අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදුකෙරුණා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් M N රණසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
2006 වසරේ සිට සෑම වසරකම සිසු දරුවන් 150දෙනෙක් වෙත ඉන්දීය රජය මඟින්  මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව ප්‍රධානය  කරනු ලබනවා.

අපොස සාමාන්‍ය පෙළ  ඉහළින් සමත් ආර්ථික අතින් ශක්තිමත් නොවන පවුල්වල දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ එක් සිසුවෙකුට වසර දෙකක් පුරා සෑම මසකම රුපියල් 2500 ක මුදලක් තම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් හිමිවෙනවා.

Latest