Skip to content

සාදික්කා වගාවට දිලීර රෝගයක්.

සාදික්කා වගාවන් අතර පැතිර යන "පත්‍ර පතන" දිලීර රෝගය සම්බන්ධයෙන් ලොකු බියක් ඇති කර ගත යුතු නොවන නමුත් ඒ සම්බන්ධයෙන් සැළකිලිමත්ව ක්‍රියා කළ යුතුව ඇතැයි අපනයන කෘෂිකර්ම දෙපාර්ත‍නේතුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ශාන්ත බණ්ඩාර මහතා සදහන් කරයි.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා මේ බව කියා සිටියේය.

මේ වන විට මහනුවර, මාතලේ, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කයන් හි හෙක්ටයාර් 3000 ක පමණ සාදික්කා වගා කරණු ලබයි. එම වගාවන් ගෙන් වසරකට සාදික්කා මෙට්‍රික් ටොන් 2500 ක පමණ අස්වැන්නක් ලබන බවද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ අතර පසුගිය දින කීපය තුළ සාදික්කා වගාවන් අතර දිලීර රෝගයක් පැතිර යන බවට තොරතුරු වාර්තා වී ඇත. විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, යටිනුවර, හාරිස්පත්තුව, පූජාපිටිය යන ප්‍රදේශ වලින් රෝගය සම්බන්ධ තොරතුරු වාර්තා වී ඇත. සාදික්කා ගසේ ඇති පත්‍ර හැලී යාම රෝගයේ ප්‍රධාන ලක්ෂණය බවට හදුනා ගෙන ඇත.

දැනට රෝගය හදුනා ගෙන ඇති වගාවන් සදහා දිලීර නාශක යෙදීම ආරම්භ කර ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කරයි. පැතිර යන රෝගය හේතුවෙන් දැනට අස්වැන්නට බලපෑමක් එල්ල වී නොමැති නමුත් රෝගය කඩිනමින් පාලනය නොකළහොත් ඉදිරියේදී බලපෑම් එල්ල විය හැකි බවවද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ශාන්ත බණ්ඩාර මහතා සදහන් කරයි.

Latest