වී මිල ස්ථාවර කොට ගොවීන්ට සාධාරණ මිලක් ලබා දෙන ලෙස ඉල්ලමින් මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවින් විරෝධයක නිරත විය. මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පවතී මෙම විරෝධතාවයේදී ගොවින් ඉල්ලා සිටියේ ඉතා දුක් මහන්සියෙන් විවිධ දුෂ්කරතා මැද ලබා ගත වී අස්වැන්න සදහා සධාරණ මිලක් ලබා දෙන ලෙසයි.
මේ වන විට මඩකලපු දිස්ත්‍රික්කයේ මෙවර යල කන්නයේ වී අස්වනු නෙලීම ආරම්භ කොට ඇති අතර ඒ අනුව අදාල ගොවීන්ට සාධාරණ මිලක් ලබා දෙන ලෙස බල කරමින් මෙම විරෝධය පවත්වන ලදී. වී සදහා සධාරණ මිලක් නියම නොවීම හරහා ගොවින් දිගින් දිගටම පීඩාවට පත් වන බව පවසන විරෝධතා කරුවන් ඉල්ලා සිටින්නේ වී කිලෝවක් සදහා රුපියල් 120 ක මිලක් හෝ නියම කරන ලෙසයි.
එහිදී විරෝධතා කරුවන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අනුරුවක් ගිනි තබා විරෝධය පල කරන ලදී.
අමරවීරගේ පඹයාට ගිණිතබයි.
