Skip to content

රටේ පාලකයෝ මහා සංඝරත්නය රැවටීම අවාසනාවන්ත තත්වයක්..

රටේ පාලකයන් විසින් මහනාහිමිවරු ප්රමුඛ මහා සංඝරත්නය රැවටු පසුබිමක මෙවර වෙසක් උත්සවය පැවැත්වීමට සිදුවීම ඉතාමත් කණගාටුදායක තත්ත්වයක් බව උඩුනුවර ශ්රී වේළුවනාරාමාධිපති රාමඤ්ඤ මහා නිකායේ සංඝ සභික පූජ්ය ගලහා සිරි සාන්ත හිමියෝ පවසති.

ශ්රී වේළුවනාරාම මහ විහාරය කේන්ද්රකොට පැවැත්වෙන වෙසක් උත්සවය ආරම්භ කරමින් උන්වහන්සේ ඉහත අදහස් පළ කළහ.

තවදුරටත් අදහස් පළ කළ සිරි සාන්ත හිමියෝ මෙසේද කීහ. වෙහෙර විහාරස්ථාන වලට දැරිය නොහැකි විදුලි බිල හේතුවෙන් වෙසක් උත්සවය අඳුරේ පැවැත්වීමට මහා සංඝරත්නය කතිකා කලත් හිතට එකඟව එසේ කළ නොහැකි බැවින් වෙසක් මහෝත්සවය හැකි ආකාරයෙන් පැවැත්වීමට අපි මහා සංඝරත්නය වශයෙන් කටයුතු කරනවා. ඒත් මේ රටේ පාලකයෝ මහානාහිමිවරු ප්රමුඛ මහා සංඝරත්නයට ලිඛිතව පොරොන්දු දුන්නා ආගමික සිද්ධස්ථාන වල විදුලි බිල යම් සහනදායක ආකාරයකට අඩුකරන බවට. ඒ වගේම සෑම විහාරස්ථානයකටම සෝලා විදුලි බල පද්ධති ලබා දෙන බවට පොරොන්දු වුණා. ඒ එකක්වත් ඉටු කළේ නෑ. අපේ ප්රධානතම ආගමික උත්සවය වූ වෙසක් උත්සවයෙන් පසු අපි මේ සම්බන්ධයෙන් යම් පියවරක් ගන්න බලාපොරොත්තු වෙනවා.

ශ්රී වේළුවනාරාම මහා විහාරයේ සිට සියක් නමක් වූ මහා සංඝරත්නය උඩුනුවර ගම්මාන පුරා ප්රදක්ෂිණා කරමින් ජනතාව වෙත සෙත් පිරිත් දේශනා කොට පිරිත් නූල් ගැට ගැසීමට පියවර ගැනීම මෙන්ම තවත් ආගමික වතාවත් රැසක් මෙවර වෙසක් උළෙලට එක් කොට ඇති බවද රට දැය සමයේ ආරක්ෂාව හා සෞභාග්යය ප්රාර්ථනා කරමින් දින 08 ක කාලයක් මෙම ආගමික වැඩසටහන් පැවැත්වෙන බවත් ජාතික වෙසක් සතිය මූලිකකොට වැඩසටහන් පැවැත්වෙන බවත් සිරි ශාන්ත හිමි වැඩිදුරටත් පැවසූහ.

Latest