Skip to content

රටේ ජනතාවට අහිමි වුනු සමෘද්ධිය යළි ලබාදීමට වැඩපිළිවෙළක් දියත්කර අවසන් - පාඨලී චම්පික රණවක

දේශපාලකයන් පමණක් නොව ජාවාරම්කාර ව්‍යාපාරිකයන්, නිලධාරීන් එක් ව රටේ මහජනයාට දරුණු තුවාලයක් සිදු කර ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ  පසුගියදා කොළඹ නව නගර ශාලාවේ පැවැති එක්සත් ජනරජ පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

එහිදී  එක්සත් ජනරජ පෙරමුණේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද අදහස් දැක් වූ පාඨලී චම්පික රණවක මහතා,

"අද අපි මෙතන මේ ආරම්භ කරපු ක්‍රියාවලිය, කොළඹ තියෙන ආසන 15 ම ඉදිරි කාලයේ අපි ගෙනියන්න ඕනේ. වැඩි වැඩියෙන් අපේ සංවිධානය වීම අවශ්‍යයි. අනිත් අයගේ විවේචනයට වඩා අවශ්‍ය රට ගොඩනගන්න අපට පුළුවන් කියන විශ්වාසය. ඒ විශ්වාසය අපි කොහොමද ගොඩනගාගෙන තියෙන්නේ. අද ඔය සමහර ඇත්තෝ විවිධ කතා පවත්වනවා. හැබැයි මේ අය ලක්ෂ විස්ස තිහ පගාව අරගෙන තමයි ඒ කටයුත්ත කළේ. ඒ නිසා අපි මෙතනට  වැඩ කරලා ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අමුතුවෙන් අපිව පරීක්ෂා කරන්න දෙයක් නෑ. අපි කණ්ඩායම අලුතින් පරික්ෂා කරන්න යන්නෑ. අලුත් මිනිස්සු ඕනේ. අලුත් මිනිස්සු මේ හැම දිස්ත්‍රික්කයේ ම හැම තැනකින්ම අපිට අලුත් ජන බලයක් ඕනේ. අන්න ඒ ජන බලය ගොඩනඟා ගැනීම සඳහා ඔබ සියලු දෙනාම අද සිට සැප්තැම්බර් මාසය දක්වා වැඩ කරන්න. මේ සැප්තැම්බර් මාසය වෙනකොට මේ රටේ සෑම දිස්ත්‍රික්කයේ ම ජනරජ පෙරමුණේ සමුළු පවත්වා අවසන් කරනවා ලබන සතියේ අපි ගම්පහට. ඊළඟ සතියේ අපි මහනුවරට ආදී වශයෙන්. අපි සංවිධානය වෙන්නෙ, රටේ ජනතාවට අහිමි වෙච්ච සමෘද්ධිය මේ රටේ ජනතාවට රටට ලබාදෙන වැඩපිළිවෙළක් අපි දියත් කරලා තියෙන්නේ. ඉදිරි කාලයේ දී මුළු දිස්ත්‍රික්කය ම විධිමත් විදිහට ශක්තිමත් විදිහට සංවිධානය කරගෙන අපගේ ඊළඟ මහා සමුළුව මේ රටේ හැම බිම් අඟලක්ම නියෝජනය කරන දැවැන්තම පක්ෂයක් බවට එක්සත් ජනරජ පෙරමුණ පත් කරගන්න අධිෂ්ඨාන කරගන්න."

සමුළුව අමතමින් එක්සත් ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර, උප සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන, කොළඹ කලාප නායක, මධ්‍යම කාරක සභික කිංස්ලි පෙරේරා, ජාතික මණ්ඩලයේ ලේකම්, මධ්‍යම කාරක සභික බෝසෙත් කළහෙපතිරණ යන මහත්වරුන් ද, කොළඹ කාන්තා සංවිධාන නියෝජනය කරමින් සිත්ති අසීසා මහත්මිය ද  දේශන පැවැත්වූහ.

Latest