Skip to content

රට සිහින පෙන්වා ලක්ෂ 81 කට විදලා

ඊශ්‍රායලයේ සහ කටාර් රාජ්‍යයේ රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් ලක්ෂ 81 ක මුදලක් වංචා කළ බව කියන කාන්තාවක්ව විදේශ ‍ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

20 වැනිදා දහවල් නිකවැරටිය ප්‍රදේශයේදී සැකකාරියව අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතනයක් හලාවත නගරයේ පවත්වා ගෙන යන අයෙකි. එම රැකියා නියෝජිත ආයතනය විසින් ඊශ්‍රායලයට සහ කටාර් රාජ්‍යයට රැකියා සදහා යවන බව පවසමින් සැකකාරිය විසින් මුදල් ලබා ගෙන ඇත. එසේ සැකකාරියට මුදල් ලබා දුන් බව කියන පුද්ගලයින් 33 දෙනෙකු විසින් මේ පිළිබදව විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිළි කර ඇත. ඒ සම්බන්ධයෙන් සිදු කර ඇති විමර්ශණයකින් අනතුරුව සැකකාරියව අත්අඩංගුවට ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් කටයුතු කර ඇත.

සැකකාරිය හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Latest