Skip to content

රට අපේක්ෂා කරන අලුත් දේශපාලන වෙනස වෙනුවෙන් කැපවන අපිට මඩ ගසා නතර කරන්න බැහැ. ගෝලීය ශ්‍රී ලංකා කොංග්‍රසයේ නායක මංජු නිශ්ශංක


ගෝලීය ශ්‍රී ලංකා කොංග්‍රසයේ නායක මංජු නිශ්ශංක මහතා මේ බව පැවසුවේ  ඊයේ (11) කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙමින් පාර්ලිමේන්තුව තුළදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධියට ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක පගාවක් ගත් බවට චාමර ගුණසේකර කෙනෙකු රටට හඳුන්වා දෙනවා.


මෙරට තුළ තහනම් වෙබ් අඩවියක් වන ලංකා ඊනිව්ස් ඊට පසුදිනම  චාමර ගුණසේකර නම් පුද්ගලයා මම බවට ප්‍රචාරයක් ගෙන යනවා.
මේ සිද්ධිදාම⁣යේ නාට්‍යයක ස්වරූපයක් අපි දකිනවා.


එංගලන්තය වැනි දියුණු රටවල ගිණුමකට ඇමරිකානු ඩොලර් 10000 කට වඩා මුදල් පැමිණෙන්නේ නම් ඒ ගැන සොයා බැලීමට මූල්‍ය බුද්ධි ඒකක ක්‍රියාත්මකයි.


කෙසේ වෙතත් එංගලන්තයේ සිට ක්‍රියාත්මක ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය අප ගැන සිදුකරන අසත්‍ය ප්‍රචාරයන්ට එරෙහිව එංගලන්තයටම ගොස් නීතිමය පියවර ගැනීමට අපි පියවර ගෙන තිබෙනවා.


එක්ස්ප්‍රස් පර්ල් නෞකා හානිය සිදුවී මාස 23 යනතුරු නඩු පැවරීමට නොහැකි වීම පිළිබඳව මහාචාර්ය ජී එල් පීරිස් මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී විමසා සිටියා.
පුරවැසියන් හැටියට අපිටත් මේ ගැන සැකයක් පවතිනවා.


චාමර ගුණසේකර නම් පුද්ගලයා පිළිබඳ සොයා බලන ලෙස එංගලන්තයේ මූල්‍ය බුද්ධි ඒකකයට යොමු කිරීමට අප මේ වන විට අන්තර්ජාල පෙත්සමක් අත්සන් තබමින් සිටිනවා.


වරප්‍රසාදවලට මුවාවී විජේදාස රාජපක්ෂ ඇමතිවරයා ඊයේ දින තවත් හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.
ඩොලර් මිලියන 250 අල්ලස ලබාගෙන තිබෙනුයේ නීතිපති දෙපාර්තමේන්තුවේ මෙම නඩු කටයුත්ත සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරියාගේ ඥාතියෙක් බව ඔහු පවසනවා.

අපි මෙරට පාරදෘශ්‍ය දේශපාලනයක් සඳහා පෙනී සිටින්නේ.එම දේශපාලන ගමන මඩ ගසා නතර කළ හැකිවනු ඇතැයි සමහරු සිතනවා ඇති.

මම ඇමරිකාවේ වෘත්තිකයෙක් ලෙස කටයුතු කළ හොඳ ආදායමක් ලබපු පුද්ගලයෙක්.ඒ සියල්ල නතර කර මෙරට මජර දේශපාලනයට එරෙහිව කටයුතු කිරීමටයි මම ඉදිරිපත් වී සිටින්නේ.අපි වටා විශාල පිරිසක් එක් වෙමින් සිටිනවා. එළඹෙන මැතිවරණ වලදී රට ඉල්ලන දේශපාලන වෙනස සිදු කිරීමට ගෝලීය ශ්‍රී ලංකා කොංග්‍රසය කටයුතු කරනවා.


අවංක දේශපාලනයක් වෙනුවෙන් පෙනී සිටින අපට එල්ලවන මඩ ප්‍රචාරවලට එරෙහිව සිදුකළ හැක්කේ නීතිය ඉදිරියට යාම පමණයි.පිරිසිදු දේශපාලනයකට කැමැති සියලු පුරවැසියන්ට අපි ආරාධනා කරනවා අප සමග එක්වන ලෙස.වසර පහක් අපි එක්වී system change එක අරඹමු.


මෙහිදී මංජු නිශ්ශංක මහතා සිය උප්පැන්න සහතිකයේ පිටපතක් මාධ්‍යවේදීන්ට ප්‍රදර්ශනය කරමින් එහි චාමර ගුණසේකර කොටස් තිබේදැයි පරීක්ෂා කරන ලෙස ඉල්ලා සිටියා.

මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් මංජු නිශ්ශංක මහතා පැවසුවේ........
හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අමාත්‍යධුරය දැරූ නාගරික සංවර්ධන  අමාත්‍යාංශයේ උපදේශකවරයෙක් ලෙස තමන් කටයුතු කළ බවයි.ඉංජිනේරුවෙකු ලෙස කීර්තිමත්  චරිතයක් ගොඩනගාගෙන තිබූ තමන්ගේ දැනුම ලබාදීමට  ස්වේච්ඡාවෙන් ඊට දායකවූ බවද ඒ මහතා පැවසුවා.


මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ මංජු නිශ්ශංක මහතාව අත් අඩංගුවට ගැනීමට පිරිසක් ඉල්ලීමක් සිදුකර ඇති බවයි, කිසිදු වරදක් කර නොමැති නිසා ඒ සඳහා තමන් කිසිදු බියක් නොමැති බව ඒ මහතා සදහන් කළා.

දැනට මේ කටයුතු සඳහා විශාල මුදලක් රට තුළ වියදම් කරන්නේ කෙසේදැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ,
මංජු නිශ්ශංක මහතා පවසන්නේ විදේශයන්හි ඉංජිනේරු සහ ආයෝජන බැංකු ක්ෂේත්‍රයන්හි වෘත්තිකයෙක් ලෙස තමන් ඉපැයු ධනය ඒ සදහා යොදවන බවයි.තමන් උපයාගත් විදේශ මුදල් නීත්‍යානුකූල ආකාරයෙන් මෙරටට ප්‍රේෂණය කළ ආකාරය පිළිබඳ සියලු වාර්තා තමන් සතුව පවතින බව  සඳහන් කළ ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ ඇමරිකාව වැනි දියුණු රටවල වෘත්තිකයන් ලෙස කටයුතු කිරීමෙන් ඇමරිකානු ඩොලර් 20,000 කට ආසන්න මාසික වැටුපකට හිමිකම් කීමට මෙරට තරුණයන්ට අවස්ථාව පවතින බවයි.

Latest