Skip to content

රුපියල් 45 එන්නත් කුප්පිය රුපියල් 399 ට මිලට අරං - පාඩුව කෝටි 8 ක්

නිව්මෝනියාව, මෙනින්ජයිටිස් රෝග සඳහා මිලදී ගත් එන්නත් ටෙන්ඩරයක අක්‍රමිකතාවයක් හේතුවෙන් රුපියල් කෝටි 8 කට වැඩි මුදලක් රජයට හානි වී ඇති බව විගණන වාර්ථාවක සඳහන් වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

එම විගණන වාර්ථාවට අනූව රුපියල් 45.75 ගන්න පුළුවන් එන්නත් කුප්පි දෙලක්ෂ පනස්දාහක් මිලදී ගෙන තිබෙන්නේ රුපියල් 399.00 ක මුදලකට බව රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.

අත් හිටවූ සෙෆ්ට්‍රියැක්සෝන් ඖෂධයෙන් යලි මරණයක් සිදු වන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළ හෙතෙම ඒ පිළිබඳව ජනතාවට පැහැදිළි කිරීමක් අවශ්‍යයි යැයි ද කුමුදේශ් මහතා කීය.

එම වාර්ථාව කුමුදේශ් රසායනාගාරයේ පරීක්ෂණ කරපු එකක් නොවන බවත් කෑගල්ල රෝහලේ අධ්‍යක්ෂකවරිය ඒ බව තහවුරු කළ බව පුවත්පතක සඳහන් වන බවත් ඒ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානයට ලක් කරන බවත් කුමුදේශ් මහත් වැඩිදුරටත් සඳහන් කළේය.

Latest