Skip to content

රජයේ රෝහල්වල ඉන්සියුලින් හිඟයක්..!

ඉන්සියුලින් සැපයීමට ටෙන්ඩරය ලබාදුන් සැපයුම්කරු නියමිත ප්‍රමාණයෙන් ඉන්සියුලින් ලබානොදීම නිසා මේ වන විට රජයේ රෝහල්වල ඉන්සියුලින් හිඟයක් මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක සදහන් කරයි.

මතුව ඇති හිඟය හේතුවෙන් වෙනත් සැපයුම්කරුවන් දෙදෙනෙකු මාර්ගයෙන් ඉන්සියුලින් ආනයනයට පියවර ගනිමින් ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරයා කියයි.

රජයේ රෝහල්වල පවතින හිඟය මග හැරවීම සඳහා ඉන්සියුලින් අඩංගු ඇසුරුම් 50,000 ක් හදිසි මිලදී ගැනීමක් ලෙස ආනයනයට පියවර ගත් බවත් එම තොගය ලබන සැප්තැම්බර් මාසයේදී මෙරටට ලැබීමට නියමිත බවද අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක සදහන් කරයි.

Latest