ඉදිරි මාස කීපය තුල රජයේ රෝහල් වල CT, MRI , PET ස්කෑන් පරීක්ෂණ සේවා නතර වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන් විද්වත් සංගමය පවසයි.
රට තුළ සිටින විකිරණ තාක්ෂණවේදීන්ගේ අනුමත නිලධාරීන් සංඛ්‍යාවෙන් 40% ට ආසන්න නිලධාරීන් ප්‍රමාණයක හිඟයක් මේ වන විටත් පවතින බව එම සංගමයේ ලේකම් චානක ධර්මකීර්ති කියා සිටී.
තත්වය මෙසේ වන විට නිලධාරීන් විදේශගතවීමද සීග්‍ර වී ඇති අතර මේ පිලිබන්දව සෞඛ්‍ය අමාත්‍යාංශයට දිගින් දිගටම දැනුම්වත් කලද,ඔවුන් නවක නිලධාරීන් බදවාගැනීම ට අවශ්‍ය පියවර මේ වනතුරුත් ක්‍රියාත්මක කර නොමැති බව ඔහු පවසයි .
ඊට හේතුව වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ, රජය සියලු බදවාගැනීම් නවතා ඇති බවත් මෙම බදවාගැනීම් සදහා අවශය අනුමැතිය ලැබී නොමැති බවත්ය.
මෙම තත්ත්වය තව දුරටත් පැවතිය හොත් ඉදිරි මාස 2, 3 තුල ලංකාවේ රෝහල් රැසක CT, MRI, PET, X Ray පරීක්ශණ, ශල්‍යාගාර විකිරණ පරීක්ශණ සේවාව ආදී වූ විකිරණ තාක්ශණවේදීන් විසින් සිදුකරන සේවාවන් බිදවැටෙනු ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටී.
එහි ආසන්නතම රෝහල ලෙස ඇහැලියගොඩ රෝහල පෙන්වා දෙන අතර එහි සිටි එකම නිලධාරිනිය විදෙස්ගතවීම නිසා එම රෝහලේ විකිරණ පරීක්ශණ සේවාව සම්පූර්ණයෙන්ම බිදවැටී ඇත.
ඔහු කියා සිටියේ,ඉදිරියේදී මේ නිසා ශ්‍රී ලංකා ජාතික රෝහල , කරාපිටිය ශික්ෂණ රෝහල, මහනුවර ජාතික රෝහල, අනුරාධපුර , බදුල්ල, මොනරාගල , නුවරඑළිය , රත්නපුර , යාපනය, කුරුණෑගල , රිජ්වේ ආර්‍යා ලමා රෝහල, සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල , පොලොන්නරුව , පුත්තලම ආදී වූ රෝහලේ වලට දැඩි බලපෑමක් වනු ඇති බවය. ඒ අනුව මෙම සේවාවන් බිදවැටීම් තුල රෝග හදුනාගැනීමේ පරීක්ශණ ප්‍රමාද වන අතර මේ හේතුවෙන් සැත්කම් සහ ප්‍රතිකාර සේවාවන් දැඩි ලෙස අඩාල වීමේ බරපතල තත්වයක් උදාවනු ඇති බවත්ය.
විශ්‍රාම වයස 65 සිට 60 දක්වා අඩු කිරීමේ රජයේ ප්‍රතිපත්තිය නිසා නිලධාරීන් විශ්‍රාම ගැනීමද මෙම තත්වය තවත් බරපතල කිරීමට හේතු වී ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍යවරුන්ට පමණක් අවුරුදු 63 දක්වා සේවය ලබා ගැනීමට නීති වෙනස් කලද, එය එම සේවාවන්ට මේ වනතුරුත් ලබා දී නොමැති බව එම සංගමය වැඩිදුරටත් පවසයි.