අනුරාධපුර සහ ත්‍රීකුණාමළය දිස්ත්‍රික්ක දෙකෙහි කළකරුවන්ගේ හමුවක් පසුගිය 23 වෙනිදා ත්‍රීකුණාමළය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලදි.
ජාතික සමගිය හා සහයෝගිතා ලේකම් කාර්යාලයේ සහාය ඇතිව ත්‍රීකුණමළය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය විසින් මෙම හමුව සංවිධානය කර තිබුණි.
අනුරාධපුරය සහ ත්‍රීකුණාමළය දිස්ත්‍රික්ක දෙකෙහි ජේෂ්ඨ සහ නවක කලාකරුවන් මෙම අවස්ථාවට එක්ව සිටියේය.
රජරට සහ නැගෙනහිර පලාත් වලට ආවේණික කලා අංග මෙහිදී ඉදිරිපත් කරන ලදි.
අවසානයේදී කලාකරුවන් ඇගයීමක්ද සිදු කරන ලදි.
කලාවට ආගම් හෝ ජාති බේදයක් නොමැති බවත්, ඒ නිසාම ඕනෑම තරාතිරමක අයෙකුට කලාව රසවිදීමට හැකියාව තිබෙන බව මෙම අවස්ථාවට එක්ව සිටි ත්‍රීකුණාමළය දිසා ලේකම් බී.එච්.එන්.ජයවික්‍රම මහතා සදහන් කළේය.
අනුරාධපුරය සහ ත්‍රීකුණාමළය දිස්ත්‍රික්ක දෙකෙහි රාජ්‍ය නිලධාරීන් කීප දෛනෙකුම මෙම අවස්ථාවට එක්ව සිටියේය.







