Skip to content

අධික වර්ෂාව නිසා දිසා තුනක නාය අවදානම්.

පවතින අධික වර්ෂාව නිසා දිස්ත්‍රික් තුනක් නාය යාමේ අවදානමක පවතින බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමට ලැබෙන අධික වර්ෂාව ඊට හේතුවක් වී  ඇත කාලගුණ දෙපාර්තමේන්තුව ඉදිරි පැය 24 වෙනුවෙන් නිකුත් කල අනාවැකිය අනුව සබරගමුව බස්නාහිර වයඹ හා උතුරු පලාත්වලට තද වර්ෂාවක් ඇතිවිය හැකිය .මහණුවර නුවරඑළිය ගාල්ල හා මාතර දිස්ත්‍රිවලට මිලි මීටර් 100-150 අතර වර්ෂාවක් අපේක්ෂිතය

කොත්මලේ ජලාශය ජලයෙන් පිරී ගොස් ඇති බැවින් අද  03 දා අළුයම වාන් දොරටු දෙකක් විවෘත කළ බවත් වර්ෂාව වැඩිවි ජලාශයට වැඩි වතුර ප්‍රමාණයක් පැමිණිය හොත් ඉතිරි වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වන බැවින් කොත්මලේ ජලාශයෙන් පහල ඔය දෙපස පදිංචි කරුවන් හා කොත්මලේ ඔය පරිහරනය කරන්නන් අවධානයෙන් සිටින ලෙස කොත්මලේ ජලාශයභාර ඉංජිනේරු වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි        කඳුකර ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාව නිසා දිස්ත්‍රික් තුනක නාය යාමේ අවදානමක් පවතින බැවින් ඒ සම්බන්දයෙන් අවධානයෙන් සිටින ලෙස රත්නපුර නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචි කරුවන්ට මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළයේ පදිංචි කරුවන්ට හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රදේශයේ පදිංචි කරුවන්ටත් දනුම් දී ඇතැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.

Latest