Skip to content

රිදියගම බෙංගාල ව්‍යාග්‍රයෙකු මියයයි...

රිදියගම සෆාරි උද්‍යානයේ සිටි අවුරුදු 08ක් පමණ වයසැති බෙංගාල ව්‍යාග්‍රයෙකු හදිසියේම මියගොස් ඇති බව ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මිය ගිය සත්වයා

මෙම බෙංගාල ව්‍යාග්‍රයා මෙසේ හදිසීයේම මිය යාමට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර සත්වයාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු සිරුරු කොටස් විද්‍යාගාර වෙත යොමු කළ බවද සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කියයි.

රිදියගම සෆාරි උද්‍යානය තුල බෙංගාල වර්ගයේ ව්‍යාග්‍රයින් 05 දෙනෙකු ජීවත් වූ අතර මේ වනවිට එහි ඉතිරිව සිටින්නේ 04 දෙනෙකු පමණි.

Latest