එළවළු මිල ඉහළ යාම හේතුවෙන් කුඩා පරිමාණයේ සිල්ලර එළවළු වෙළෙඳසල් වැසී යාමට පටන් ගෙන තිබේ. එළවළු වර්ග බොහොමයක මිල පසුගිය මාසයට සාපේක්ෂව ඉතා ඉහල අගයකින් ඉහළ ගොස් තිබේ. ඒ හේතුවෙන් එළවළු ඉල්ලුම විශාල ලෙස අඩුවී ඇතැයි ද එළවළු තොග වෙළෙන්දෝ පවසයි.
තවද එළවළු මිල ඉහළ යෑමත් සමග බොහෝ පාරිභෝගිකයන් එළවළු වර්ග මිලදී ගන්නේ ඉතා අඩු ප්‍රමාණ වලින් බව වෙළෙන්දෝ පවසයි .
එළවළු අලෙවි නොවීම සහ නරක් වන එළවළු යම් ප්‍රමාණයක් දෛනිකව ඉවත් කිරීමට සිදු වීම හේතුවෙන් සිල්ලර වෙළදුන් එළවලු අලවියෙන් ඈත්වී සිටින බවද වෙළදුන් පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වියළි කාලගුණය, තද වැසි සහ සුළං තත්ත්වය එළවළු අස්වැන්න අඩුවීමට තදින් බලපා තිබේ.