දැන් වසංගතයක් නෑ..
වව්නියා බන්ධනාගාරය තුළ පනවා තිබූ සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි.
බන්ධනාගාර නිලධාරියෙකුට හා බන්ධනාගාරය තුළ සිටි එක් රැඳවියෙකුට සරම්ප රෝගය වැලදීම මත රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා වු පියවරක් ලෙස එම පරිශ්‍රය තුළ සංචරණ සීමා පැනවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.
ජුලි මස (25) වනදා සිට සති දෙකක කාලයක් පනවා තිබූ සංචරණ සීමා අද (07) දින අවසන් වීමට නියමිතව ඇති බැවින් ඊට සුදුසු තත්ත්වයක් බන්ධනාගාරය තුළ පවතින බව වව්නියා ප්‍රාදේශීය වසංගත රෝග ඒකකය තහවුරු කර ඇත.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව තවදුරටත් සදහන් කළේ, හෙට (08) දිනයේ සිට සාමාන්‍ය පරිදි දෛනික කටයුතු සිදුකරන ලෙස ප්‍රාදේශීය වසංගත රෝග ඒකකය විසින් වව්නියා බන්ධනාගාර නිලධාරීන් වෙත දැනුවත් කර ඇති බවයි.