Skip to content

පිටකොටුවේ අපාය දුටිමි

නිසි ආවරණයකින් තොරව ආහාර විකිණීමට තබා තිබූ අයුරු

කොළඹ පිටකොටුව ප්‍රදේශයේ බොජුන් හල් තුල නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමකින්  තොරව ආහාර පිළියෙල කරනු ලබන බවට පාරිභෝගික කටයුතු පිළිබඳ  අධිකාරිය වෙත ලැබී තිබූ පැමිණිලි විශාල සංඛ්‍යාවක් හේතුවෙන්, එම අධිකාරිය නිලධාරීන් විසින් ඊයේ (14) පිටකොටුව ප්‍රදේශය අවට බොජුන් හල් විශේෂ පරීක්ෂා කිරීමකට ලක් කෙරිණ. මෙම වැටලීම සඳහා සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ද , ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති වනසිංහ මහතා ද සහභාගී විය.

දින ගනනාවක්ම භාවිතා කරන ලද තෙල් ඝන වී ඇති අයුරු 

‌මෙහිදී  පරීක්ෂා කරන ලද අවන්හල් විශාල සංඛ්‍යාවක ආහාර පිළියෙල කිරීම නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ගෙන් බැහැරව සිදු වී ඇති බව හඳුනා ගැනින.

එක් බොජුන් හලක ආහාර පිළියෙල කරනු ලබන කුස්සියත් , එහි වැසිකිලියත් , නාන කාඹරයත් සියල්ල පිහිටා තිබුනේ එකම ස්ථානයකය.

‌එමෙන්ම  බොහෝ ආපනශාලා වල විකිණීමට පිළියෙල කරනු ලැබූ ආහාර බොහෝමයක්ම බිම තබා තිබෙනුද දක්නට ලැබින. එපමණක්ද නොව ආහාර නිපදවා කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත බවකින් තොරව ඒවා ගබඩා කර ද තිබිණ.

සමස්ත ලංකා  ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සමපත් සඳහන් කලේ මෙම පරීක්ෂා කිරීම් ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදු කළ යුතු වගකීමක් බව ය.

මෙම වැටලීම් වලදී හඳුනාගත් අපිරිසිදු ආහාර පිළියෙල කරන ස්ථානයන් සඳහා නීතිමය කටයුතු සිදු කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකළේය.

Latest