වවුනියාව දිස්ත්‍රික්කයේ ඉකුත් යුධ සමයේ අතුරුදන්වුවන්ගේ ඥාතීන් විසින් විරෝධතාවයක් ඊයේ 30 වවුනියාව පැරණි බස් නැවතුම් පල ඉදිරිපිටදී සංවිධානය කොට තිබිණි. එහිදී ඔවුන් ඉල්ලිම් කීපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාවයේ නිරත විය. ඒ අනුව තම අතුරුදන්වුවන්ගේ ගැටළුව සදහා ජාත්‍යන්තර මැදිහත්මක් මත පරීක්ෂණයක් අවැසි බව ඔවුන් පවසා සිටි අතර වත්මන් අණ්ඩුවේ කීීයාකාරීත්වයටද එරෙහිව ඔවුන් මෙහිදී විරෝධය දක්වන ලදි. විශේෂයෙන්ම ඔවුන් චෝදනා කර සිටියේ අද වන විට මාධ්‍ය නිදහස අහිමි කිරීමේ වැඩපිළිවලක් ක්‍රියාත්මක වන අතර ඊට තමන් දැඩිව විරුද්ධ බවයි. එමෙන්ම තමන් රජයන් කීපයක් යටතේ වසර ගණනාවක් පුරා තම අතුරුදන් ඥාතීන්ගේ ගැටළුව පිළිබද හඩ නැගුවද ඒ සදහා තමන්ට පිළිගැනීමට හැකි විසදුමක් නොලැබුණු බවයි. ඒ අනුව එයට ජාත්‍යන්තර මැදිහත්මක් අවශ්‍ය බව පවසා ඔවුන් මෙම විරෝධයේ නිරත විය.