Skip to content

HIV අවදානම අඩු කරන්න නොමිලේ "ප්‍රෙප්" ප්‍රතිකාර ක්‍රියාත්මකයි.....

එච්.අයි.වී. අවදානම අවම කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රෙප් ප්‍රථිකාර ක්‍රමය දිවයින පුරා පිහිටි ලිංගාශ්‍රිත රෝග මර්ධන ඒකක 41 තුලදි නොමිලේ ලබා ගත හැකි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස්  මර්ධන මධ්‍යස්ථනයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ජානකි  විදානපතිරන මහත්මිය පැවසුවාය.

එච්.අයි.වී ( Human Immunodeficiency Virus ) මානව ප්‍රතිශක්තී ඌනතා වෛරසය ආසාදනය අවම කරගැනීම සඳහා අවදානම් හැසිරිම් රටා ඇති  එසේ අවදානමක් ඇතැයි සැක කරන පුද්ගලයන් ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ඒකක වෙත ගොස් වෛද්‍යවරයා හමුවි සාකච්ජා කර ප්‍රතිකාර නොමිලේ ලබාගත හැකිබවත් වෛද්‍ය ජානකි විදානපතිරණ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කලාය මෙම සියළු හමුවිම් අතිශයින් පෞද්ගලික හා රහස්‍යභාවය සුරැකෙන අයුරින් ක්‍රියාත්මක කෙරේ.

HIV/AIDS නාමයන් දෙකම එකට කියවෙන අතර මේ රෝග දෙකක්ද එකක්ද?                                               HIV (එච්.අයි.වි) Human Immunodeficiency Virus මානව ප්‍රතිශක්තිකරණ ඌනතා වෛරසය යම් පුද්ගලයකුගේ ශරීරයට ඇතුල්වීමෙන් පසු ශරීරයේ ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආක්‍රමනය කරයි . මෙම වෛරසය ශරීරයෙන් සම්පූර්ණයෙන් ඉවත්කිරීම හෝ සම්පූර්ණයෙන් අඩපන කිරිමට නොහැකිය. එසේ ශරීරයට ඇතුල්වන HIV වෛරසය රුධිරයේ  සුදු රුධිරානු වර්ගයක් වන CD4T නැමති ශරීරයට ඇතුල්වන රෝගකාරක විෂබීජ විනාශ කර ඒවා වර්ධනය  කිරිමේ හැකියාව ඇති සෛල විනාශ කෙරේ මේ නිසා වෙනත් රෝගයන් වැලඳීමේ ප්‍රවනතාවයක් ඇති වීම සිදුවේ. සමහර පුද්ගලයන් වසර 5 ක් 6 වැනි කාලයක් කිසිදු රෝග ලක්ෂණ නොමැතිව සිටින නමුත් ඔහුගේ හෝ ඇයගේ රුධිරයේ HIV වෛරසය ජීවත් වන අතර ප්‍රතිශක්තිකරන පද්ධතිය තුල වර්ධනය වෙයි.

AIDS (Acqird  Immuno Deficincy Syndroma) නතුකරගත් ප්‍රතිශක්තිකරණ ඌනතා රෝගය HIV වෛරසය ආසාදනය වී එහි අවසාන ප්‍රථිපලය ලෙස Aids හඳුන්වන්න පුළුවන් මේ තත්වය ඇතිවෙන්නේ ශරීරයේ සාමාන්‍ය රුධිරය මිලි ලීටර් එකක ඇති CD4T සෛල 200.000 ප්‍රමාණය අඩුවීමයි එසේ වූ විට සුළු විෂබීජයක් පවා ශරීර ගතවු විට එය මාරාන්තික තත්වයට පත්විය හැකිවෙන බවද ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස්  මර්ධන අංශය පවසයි.

ශ්‍රී ලංකාවේ HIV/AIDS තත්වය          මේ වනවිට 2021වර්ෂයේ මුල් කාර්තුව වනවිට හඳුනාගත් HIV  ආසාදිතයන් 4142 වාර්ථා වෙන අතර  කාන්තාව 1330 පිරිමි 2912 වශයෙන් හඳුනාගෙන ඇත  2020  වසරේ 363  වාර්ථා වුවත් පසුගිය covid කාලයේ පුද්ගලයන් පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවීම නිසා දත්තයන්ගේ අඩුවක්ද පවති එහෙත් 2023 වර්ෂයේ  HIV ආසාදිතයන් 165 හඳුනාගෙන ඇති අතර වර්ෂය අවසානයේදි හඳුනාගත් ආසාදිත සංඛ්‍යාව දැනගත හැකිබවද සෞඛ්‍ය අංශ පවසයි

.

Latest