Skip to content

දැරණියගලට හා දෙහිඕවිටට නායේ යෑමේ රතු නිවේදන!

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල හා දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායේ යෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පවසයි.

අදියර  තුන යටතේ එම අනතුරුදායක ප්‍රදේශ වලින් ඉවත්වීමේ නිවේදනයයි එලෙස නිකුත් කර ඇත්තේ.

ඊට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත,නිවිතිගල,කලවාන,ඇහැලියගොඩ සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත අදියර දෙක යටතේ අවධානයෙන් සිටින ලෙස නිවේදනය නිකුත් කර ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල,අයගම,කුරුවිට සහ පැල්මඩුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත අදියර එක යටතේ විමසිලිමත් ලෙස සිටින ලෙස නිවේදනය නිකුත් කර තිබෙන බවයි සේනාධීර මහතා සඳහන් කරන්නේ.

තවදුරටත් වර්ෂාපතනය නිරීක්ෂණය කරමින් සිටින අතර මේ වන විට දැරණියගල ප්‍රදේශයෙන් සුළු සිදුවීම් (කන්ඩි කඩා වැටීම්)15ක් වාර්තා වන බවත් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ද සිදුවීම් කිහිපයක් වාර්තා වී තිබේ.

සුළු වෙලාවක් තුළ අධික වර්ෂාපතනයක් ලෙබෙන හෙයින් නිවාස ආසන්නයේ ඇති කන්ඩි සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ද සේනාධීර මහතා උපදෙස් දෙයි.

Latest