Skip to content

සංස්කරණය කළ අසැබි ඡායාරූප වලට බිය නොවන්න​

මෘදුකාංග හෝ කෘතිම බුද්ධිය භාවිතයෙන් යම් තුන්වන පාර්ශවයක් විසින් ඔබගේ ඡායාරූප යොදා ගෙන නිරුවත් ඡායාරූප සංස්කරණයන් සිදු කර ඇත්නම් ඒ වෙනුවෙන් ඔබටම ක්‍රියා මාර්ග ගැනීමේ හැකියාවක් stopncii.org වෙබ් අඩවිය තුළින් මේ වන විට​ සලසා දී තිබේ. ඔබට සිදු කිරීමට ඇත්තේ වෙබ් අඩවියට පිවිස Create Your Case බටනය හරහා ඉදිරියට ගොස් පියවර හතරක් මගින් දක්වා ඇති ආකාරයට අදාළ තොරතුරු ලබා දීමයි.

මෙහිදී සඳහන් කල යුතු අනෙත් වැදගත් කාරණාව වන්නේ සංස්කරණය කර තිබෙන වීඩියෝ දර්ශණ ඇත්නම් ඒවාද ඔවුන් වෙතට යොමු කිරීමට ඔබට හැකියාව පැවතීමයි. මුල් ඡායාරූපය හෝ වීඩියෝ දර්ශණය සහ සංස්කරණය කරන ලද්ද ඔවුන්ට උඩුගත කිරීම (Upload) සිදු කිරීමෙන් අනතුරුව ඔවුන් විසින් එය බොහෝ පරිශීලක ස්ථානවලින් ඉවත් කිරීමට කටයුතු කරනු ඇති.

මෙම ක්‍රමවේදයේ තිබෙන සුවිශේෂීත්වය වන්නේ ඔබගේ රහස්‍යභාවය සම්පූර්ණයෙන්ම ආරක්‍ෂා වන අතරම තවත් පාර්ශවයක් මැදිහත් කර ගැනීමකින් තොරව ඔබටම මෙම කටයුත්ත සඳහා මුල පිරීමට හැකි වීමයි. අන්‍යයන්ගේ දැන ගැනීම සඳහාත් මෙම පණිවිඩය බෙදා හැරීමට කටයුතු කරන්න​. සමාජයේ හඩ නොනැගෙන මෙවන් ප්‍රශ්ණකාරී තත්වයන් හමුවේ පීඩාවෙන් කල් ගෙවීමට තවදුරටත් අවශ්‍ය වන්නේ නැත​.

වෙබ් අඩවියට පිවිසීමට පහත සබැඳියෙන්:​

Stop Non-Consensual Intimate Image Abuse | StopNCII.org
StopNCII.org is operated by the Revenge Porn Helpline which is part of SWGfL, a charity that believes that all should benefit from technology, free from harm.

Latest