Skip to content

උපන්දිනයට දින හතරකට පෙර දිවි ගමනට සමුදුන් චිත්‍රපට නළු Ray Stevenson

Thor , Star Wars ඇතුළු චිත්‍රපට ගණනාවකම රංගනයේ යෙදෙමින් ප්‍රේක්ෂක ආදරය නොමදව දිනා ගත් උතුරු අයර්ලන්ත  නළු "රේ ස්ටීවන්සන්" 21දා  මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මිය යනවිට වයස අවුරුදු 58ක් වූ ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. 1990 දශකයේ මුල් භාගයේදී සිය රංගන ජීවිතය ආරම්භ කළ ස්ටීවන්සන් වසර ගණනාවක් පුරා විවිධ ජවනිකා රඟපා ඇත. මෑතකදී ඔහු 2022 ඇකඩමි සම්මානලාහී ඉන්දියානු චිත්‍රපටයක් වන RRR හි දුෂ්ට ආණ්ඩුකාරවරයෙකුගේ චරිතයටද පණ පෙවීය.

චිත්‍රපටයක චරිතයකට පණ පොවමින්

1964 වසරේ මැයි මස 25 වනදා අයර්ලන්ත මවකට දාව  පිරිමි දරුවන්  තිදෙනෙකුගේන් යුත් පවුලේ දෙවන පිරිමි දරුවා ලෙස  උපත ලද ස්ටීවන්සන් දෛවයේ සරදමකට මිය යන්නේ සිය 59වන උපන්දිනයට තවත් දින හතරක්  පමණක් ඉතිරිව තිබියදීය. රාජකීය ගුවන් හමුදාවේ ගුවන් නියමුවකු  වන ඔහුගේ පියාත් පවුලේ අයත් සමඟ අයර්ලන්තයේ සිට එංගලන්තයේ පදිංචියට ඔහු එන විට ඔහුගේ වයස අවුරුදු අටකි.  

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ අන්දමට  ඔහු Ischia දූපතේදී Cassino in Ischia චිත්‍රපටයේ නිෂ්පාදනය කරමින් සිටියදී හදිසි රෝගාබාධයකින් රෝහල් ගත කර ඇත.

හැරී පෝටර් චිත්‍රපටයේ නළු මැතිව් ලුවිස් ට්විටර් සටහනක් තබමින් කියා ඇත්තේ "මෙය ඉතා කණගාටුදායක ආරංචියකි. මගේ පළමු රූපවාහිනී රංගනයේ ඔහු මගේ පියා ලෙස රඟපෑවේය. ඒ වසර 30ට පමණ පෙර. සිත් ඇදගන්නා සුළු  නළුවකු වන ඔහු සමග රඟපෑම වඩා හොඳ පළමු අත්දැකීමක් ගැන මට සිතිය වත් නොහැක." යනුවෙනි.

Latest