Skip to content

අත් හිටවූ සෙෆ්ට්‍රියැක්සෝන් ඖෂධයෙන් යලි මරණයක් සිදු වන්නේ කොහොමද, ඒ පිළිබඳව ජනතාවට පැහැදිළි කිරීමක් අවශ්‍යයි

*අත් හිටවූ සෙෆ්ට්‍රියැක්සෝන් ඖෂධයෙන් යලි මරණයක් සිදු වන්නේ කොහොමද, ඒ පිළිබඳව ජනතාවට පැහැදිළි කිරීමක් අවශ්‍යයි*

එම වාර්ථාව කුමුදේශ් රසායනාගාරයේ පරීක්ෂණ කරපු එකක් නෙවෙයි. කෑගල්ල රෝහලේ අධ්‍යක්ෂකවරිය ඒ බව තහවුරු කල බව පුවත්පතක සඳහන් වෙනවා. අපි ඒ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානයට ලක් කරනවා.

*නිව්මෝනියාව, මෙනින්ජයිටිස් රෝග සඳහා මිලදී ගත් එන්නත් ටෙන්ඩරයක අක්‍රමිකතාවයන් නිසා රුපියල් කෝටි 8කට වැඩි මුදලක් රජයට හානි වෙලා කියලා විඝණන වාර්ථාවක සඳහන් වෙනවා*

විඝණන වාර්ථාවට අනූව රුපියල් 45.75 ගන්න පුළුවන් එන්නත් කුප්පි දෙලක්ෂ පනස්දාහක්, මිල දීගෙන තියෙන්නේ රුපියල් 399.00ක් වගේ විශාල මුදලකට.

*සෞඛ්‍ය සේවාවේ ප්‍රශ්ණයට උත්තර හොයන්න ඕනේමනං,  අයහපත් මුල්‍ය කළමණාකරණය නිසා හනිවන මුදල් ගැන අපරාධ පරීක්ෂණයක් කරන්න ඕනේ*

ඒවා ගැන අපිට ගොඩාක් දේවල් කියන්න බෑ, අපේ කටවල් වහලා තියෙන්නේ.  සෞඛ්‍ය සේවා සඳහා මිල දී ගැණුම් වලදී එම ගණු දෙණු වලට අදාල ලාභාංශය හොයා ගන්න පුළුවං කෙනෙකුට අපි මේ කියන දේ හොයා ගන්න එක අමාරුම නෑ.

රවී කුමුදේශ් සභාපති

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

0773077717

Latest