Skip to content

"ජනාධිපතිතුමාට දැන් හිනා යනවත් ඇති": සියඹලාපිටිය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට සිනහ පහළ වනවා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රජය ව්‍යාපාර කිරීමෙන් වැළකී සිටිය යුතු බව පවසන තමන් ඇතුළු ඇතැමුන් දකින විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට සිනහ පහළ වනවා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ ජනාධිපතිවරයා මීට දශක කිහිපයකට පෙර සිට එය පවසන විට තමන් ඇතුළු පිරිස එයට විරුද්ධ කඳවුරේ සිටි නිසා බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

"අපි අධ්‍යාපනයට වියදම් කරන්නේ රුපියල් බිලියන 600 - 700.  ඒකෙන් බාගෙකට වඩා වියදම් කරනවා පාඩු ලබන රාජ්‍ය ආයතන වෙනුවෙන්. මෙම ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුයි කියලා සමාජයේ දැන් පිළිගැනීමක් ඇතිවෙලා තියෙනවා. තව එකක් තියෙනවා. රජය ප්‍රතිපත්තියක් විදිහට ව්‍යපාරවලින් ඉවත් වෙන්න ඕන. රජය කළ යුත්තේ නියාමනය කරමින් බදු අයකිරීම යි. ඇතැම් වෙලාවට මේව කියද්දි ජනාධිපතිතුමාට හිනායනවත් ඇති. එතුම අවුරුදු විස්සකට විතර කලින් මේව කිවුවෙ. අපි එදා හිටියේ ඒකට විරුද්ධ කඳවුරේ. අපි 2001 – 2004 කාලෙ කෙටි කලෙකින් ඒ එතුමල බලයෙන් පහ කරන්න ගත්ත ප්‍රධාන සටන් පාඨය තමයි රාජ්‍ය ආයතන රැකගත යුතුයි කියන එක," යැයි  ඔහු ප්‍රකාශ කළේ ය.

සියඹලාපිටිය මහතා මේ බව පැවසුවේ “IMF සහ ඉන් ඔබ්බට” මැයෙන්  ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් කොළඹ ගාලු මුවදොර හෝටලයේ  පසුගිය දා සංවිධානය කළ සාකච්ඡා මණ්ඩපය අමතමින් ය.

Latest