Skip to content

රාමගේ පාලම නොහොත් රාම සේතුව

අතීතයේ රාම විසින් ඉදිකරන ලද මහා පාලමක් ගැන පවසන ජනප්‍රවාද ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සියවස් ගණනාවක් තිස්සේ පැවතුනි. මෙම පාලම ඉදිකර ඇත්තේ ශ්‍රී ලංකාව පාලනය කළ රාවණා රජුගෙන් ඔහුගේ භාර්යාව ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමටය. බොහෝ නූතන ඉතිහාසඥයින් මුලින්ම උපකල්පනය කළේ මෙය ප්‍රබන්ධයකට වඩා වැඩි දෙයක් නොවන බවයි.

ඉන්දියාවේ තමිල්නාඩුවේ ගිනිකොනදිග වෙරළ තීරයේ සැතපුම් තිහක් දිග හුණුගල් ෂෝල් දාමයක් ශ්‍රී ලංකාවේ වයඹ දිග වෙරළට විහිදේ. මෙම ව්‍යූහය රාමගේ පාලම එසේත් නැති නම් රාම සේතු ලෙස හැඳින්වේ. අද වන විට මෙම පාලමේ වැඩි කොටසක් ජලය යට පිහිටා ඇති අතර, මෙය හින්දු ජනතාව අතර විෂ්ණුගේ අවතාරයක් ලෙස සලකන රාම විසින් ඉදිකරන ලද බවට අනුමාන කිරීමට සාක්ෂි තිබේ.

හින්දු පුරාවෘත්තවල සඳහන් වන්නේ රාවණා රජුගෙන් තම බිරිඳ ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා රාමා විසින් මෙම පුරාණ මුහුදු මාර්ගය ඉදිකරන ලද බවයි. පුරාණ ඉන්දියානු වීර කාව්‍යය වන රාමායණය පුරාණ අයෝධ්‍යාවේ රජු වූ රාම නමින් හැඳින්වෙන මහා රජුගේ කතාව කියයි. මෙම වීර කාව්‍යයේ සඳහන් වන්නේ රාමා සහ ඔහුගේ බිරිඳ සීතා වසර දා හතරකට දණ්ඩනායක වනයට පිටුවහල් කෙරූ බවයි.

කෙසේ වෙතත්, වැඩි කල් නොගොස් සීතා ශ්‍රී ලංකාවේ රජු වූ රාවණා විසින් පැහැරගෙන ගොස් ඇත. ඔහුගේ බිරිඳ බේරා ගැනීම සඳහා රාමාට ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් වෙන් කරන භයානක හා කැළඹිලි සහිත මුහුදු ප්‍රදේශය තරණය කිරීමට සිදු විය. මේ අනුව, ඔහු තමිල්නාඩුවේ පම්බන් දූපතේ සිට ශ්‍රී ලංකාවේ මන්නාරම දූපත දක්වා කිලෝමීටර් පනහක් පමණ දුරින් දිවෙන පාලමක් තැනීම සඳහා වානර නමින් හැඳින්වෙන අද්භූත වඳුරන් කණ්ඩායමක සහාය ලබා ගත්තේය.

පුරාවෘත්තයේ සඳහන් වන්නේ වානරයන්ගේ ආධාරයෙන් පාලම දින පහක් ඇතුළත ඉදිකරන ලද බවත්, මෙය රාමට තම බිරිඳ බේරා ගැනීම සඳහා මුහුද හරහා ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ දුන් බවත්ය. මෙම පුරාවෘත්තය බොහෝ හින්දු භක්තිකයන්ගේ විශ්වාසයට හේතු වී ඇත්තේ රාම සේතු යනු ස්වභාවික නිර්මාණයක් නොව ඔවුන්ගේ එක් දෙවියෙකු විසින් නිර්මාණය කරන ලද ව්‍යූහයක් බවයි.

මෙම පාලම ඉන්දියාවේ හින්දු භක්තිකයින් විසින් පමණක් නොව, මෙහි නිර්මාණය පිළිබඳව ඔවුන්ගේම ජනප්‍රවාදයක් ඇති ඉස්ලාමීය ප්‍රජාවන්ගේ ද ගෞරවයට පාත්‍ර වේ. ඉස්ලාමීය සම්ප්‍රදායන් පවසන්නේ මෙම පාලම හෙබ්‍රා සම්ප්‍රදායේ (Hebraic Tradition) පළමු මිනිසා වන ආදම් විසින් නිර්මාණය කරන ලද බවයි. ඊඩ්න් උයනෙන් ඉවත් කිරීමෙන් පසු ඔහුව ලෝකයේ මෙම කොටසට පිටුවහල් කරන ලදී.

තම බිරිය ඒවා සොයා ගැනීම සඳහා ආදම් ආසියාවේ ප්‍රධාන භූමිය හරහා ගමන් කිරීමට දැවැන්ත පාලමක් තැනුවේය. මධ්‍යකාලීන යුගයේදී රාමසේතුව පිළිබදව නොයෙක් අවස්ථාවල සඳහන් විය. ක්‍රිස්තු වර්ෂ 850 දී ඉස්ලාමීය ලේඛකයෙක් වූ ඉබ්න් කොර්ඩඩ්බේ, ප්‍රදේශයේ පාලමක් වන සෙට් බන්ඩායි හෝ මුහුදේ පාලම ගැන සඳහන් කර ඇත. වඩාත් ප්‍රසිද්ධ නම වන ආදම්ගේ පාලම, ක්‍රි.ව. 1030 දී ඉරාන විශාරද අල් බිරුනි විසින් ප්‍රථම වරට වාර්තා කරන ලදී.

වසර 500කට පමණ පෙර මෙම පාලම එනම් 1480 දී ඇති වූ කුණාටුවලින් හානි වීමට පෙර ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා ගමන් කිරීමට භාවිත කළ හැකිව තිබූ බවට ප්‍රමාණවත් සාක්ෂි තිබේ. ශතවර්ෂ ගණනාවක් තිස්සේ හින්දු සහ ඉස්ලාම් ආගම්වලින් පිටත බොහෝ දෙනා සිතුවේ රාමා පිළිබඳ පුරාවෘත්තය කතාවකට වඩා වැඩි දෙයක් නොවන බවත් මෙම පාලම සොබාදහමේ නිර්මාණයකට වඩා වැඩි දෙයක් නොවන බවයි.

පාලම පිළිබද ඇති දත්ත සොයා බැලූ NASA වැනි ආයතන, අද දක්වාම යෝජනා කරන්නේ පාලම ස්වභාවිකව ඇති වූ වැලි ඉවුරු දාමයකට වඩා වැඩි දෙයක් නොවන බවයි. එහෙත්, බොහෝ හින්දු ප්‍රජාවන් මෙන්ම මුස්ලිම් ජනතාව විශ්වාස කරන්නේ පාලම ඇත්ත වශයෙන්ම වසර දහස් ගණනකට පෙර ඔවුන්ගේ ආගමික පුද්ගලයින් විසින් කෘතිමව ඉදිකරන ලද්දක් බවයි. අපි පාලම සහ එහි අභිරහස් නිර්මාණය දෙස සමීපව බැලීමට පටන් ගන්නා විට, අප ගනුදෙනු කරන්නේ යම් ආකාරයක නොදන්නා තාක්‍ෂණයක් සමඟ බව පැහැදිලි වේ.

රාමායණයේ එක් කවියක් මෙසේ කියවේ.

“පුළුල් වූ, මනාව ගොඩනඟන ලද, තේජාන්විත වූ, මනා ඉරියව්වෙන් යුක්ත වූ, තදින් එකට බැඳුණු ඒ මහා පාලම සාගරයේ වෙන් වන සරල රේඛාවක් මෙන් මනරම් විය. මහ සයුරෙහි වූ අති බිහිසුණු ශබ්දය මුහුද තරණය කරන බිහිසුණු වඳුරන්ගේ මහා නාදවලින් වැසී ගියේය."

පුරාණ ඉන්දියානුවන් ඔවුන්ගේ ශිෂ්ටාචාරයේ ලිඛිත දියුණුව සහ විශාල කාල පරිච්ඡේදයක් තුළ සිදුවීම් වාර්තා කිරීමට හැකි වූ ඔවුන්ගේ දින දර්ශන ක්‍රමය ඇතුළුව විවිධ අංශ සඳහා ප්‍රසිද්ධියට පත් වේ.

1980 සහ 1990 ගණන් වලදී මේ සම්බන්ධව කුඩා කණ්ඩායම් විසින් විවිධ විමර්ශන සිදු කරන ලද අතර, ඔවුන් නිගමනය කළේ පාලම අවම වශයෙන් වසර 100,000 ක් පමණ ශ්‍රී ලංකාවේ ඉන්දියානු සහ මන්නාරම දූපත් අතර ගොඩබිම් සම්බන්ධතාවයක් ලෙස සේවය කර ඇති බවයි. භූ විද්‍යාඥ ආචාර්ය බද්‍රිනාරායනයන් 2000 ගණන්වල මුල් භාගයේදී පාලම අධ්‍යයනය කිරීම සඳහා බඳවා ගන්නා ලද අතර, භූ විද්‍යාත්මක ලෝකය කම්පනයට පත් කළ සහ උද්වේගකර කරන ලද ප්‍රබල සාක්ෂි කිහිපයක් ඔහු විසින් සොයා ගන්නා ලදී.

වෛද්‍ය බද්‍රිනාරායනයන් සහ ඔහුගේ කණ්ඩායම වැලි ඉවුර තුළට විශාල සිදුරු විදීම මගින් රාම සේතුවෙහි පරීක්ෂණ ආරම්භ කළ අතර, ඔවුන් පුදුමයට පත් කරමින්, පාලමේ මතුපිටට යටින් මිනිස් දෑතින් තබා ඇති බව පෙනෙන පාෂාණ ස්ථර සොයා ගන්නා ලදී. බද්‍රිනාරායනයන් පහත සඳහන් දේ කියමින් මෙම සොයාගැනීම් මෙතරම් ආකර්ෂණීය වූයේ මන්දැයි විස්තර කළේය.

"කොරල්පර තියෙන්නේ පාෂාණවල සහ එවැනි තද පෘෂ්ඨවල පමණයි. මෙහි කොරල්පර සහ ගල්පර වලට පහළින් අපට ලිහිල් වැලි ලැබෙනවා. ඒ කියන්නේ එය ස්වභාවික නැහැ."

සරලව කිවහොත්, කොරල්පර එහි තනිවම වර්ධනය විය නොහැක. එය පැහැදිලිවම මිනිස් දෑතින් එහි තැන්පත් කර ඇති අතර, මේ සමඟ පාලම මිනිසා විසින් සාදන ලද බවට සාක්ෂි වඩ වඩාත් පැහැදිලි විය. මේ අනුව, බද්‍රිනාරායනයන් සහ ඔහුගේ කණ්ඩායම පුරාණ කාලයේ පාලම සෑදූ ගල් පර්වත මුහුදෙන් නොව රට අභ්‍යන්තරයේ ඇති බව සොයා ගන්නා ලදී.

පසුකාලීනව ඇමරිකානු විශ්ව විද්‍යාල හතරක් විසින් කරන ලද විද්‍යාත්මක අධ්‍යයනයකින් ද සිත් ඇදගන්නාසුළු සොයාගැනීම් කිහිපයක් ඉදිරිපත් විය. ඔවුන්ගේ අධ්‍යයනවලින් නිගමනය වූයේ වැලි ඉවුර මුදුනේ පිහිටා ඇති කොරල්පර සහ ගල් එම් වැලිවලට වඩා පැරණි බවයි. එක් විද්‍යාඥයෙක් මෙසේ පැවසීය.

"වැලි බැම්ම ස්වභාවික විය හැකි නමුත්, එය මත පිහිටා ඇති දේ එසේ නොවේ. වැලි මත පිහිටා ඇති පාෂාණ ඇත්ත වශයෙන්ම වැලි වලට වඩා පරණ වේ. එබැවින් මෙම කතාවේ තවත් බොහෝ දේ ඇත. මෙම ප්‍රතිඵලවලින් පෙනී යන්නේ චන්ද්‍රිකා රූපයේ පෙන්වන ආකාරටට ව්‍යුහය ස්වභාවික නොවන නමුත් මිනිසුන් විසින් ගොඩනගා ඇති බවයි."

එබැවින් බද්‍රිනාරයන් සහ ඔහුගේ කණ්ඩායම විසින් සිදු කරන ලද අධ්‍යයනයන් වල මෙන්, පාලම මිනිසා විසින් සාදන ලද ව්‍යුහයක් බව ඔප්පු විය. එය ඇත්ත වශයෙන්ම රාම සහ ඔහුගේ වාරණ හමුදාව විසින් සාදන ලද බව එය තහවුරු නොකරයි. පාෂාණ වල කාබන් කාල නීර්ණ පරීක්ෂණය කළ නොහැකි බැවින්, එම ස්ථානයෙහි නිශ්චිත ඉදිකිරීම් දිනයක් සොයා ගැනීමට නොහැක.

අපි නැවත වරක් රාමායණය දෙස බැලුවහොත්, එය පාලම ඉදිකිරීම ගැන පවස්න සම්පූර්ණ කොටසකින් සමන්විත වන අතර ඉදිකිරීම් අතරතුර භාවිතා කරන ලද විවිධ ශිල්පීය ක්‍රම ගැන සඳහන් කරයි. එහි මෙසේ සඳහන් වේ,

“විශාල ශරීර ඇති වඳුරන් මහා ප්‍රමාණයේ ගල් හා කඳු උදුරා, යාන්ත්‍රික උපක්‍රම මගින් ඒවා ප්‍රවාහනය කළහ. තවත් සමහරු පාෂාණ සරල රේඛාවක තබා ගැනීම සඳහා යොදුන් සියයක් දිග නූල් ඇද ගත්හ. සමහර වඳුරෝ පාලම මැනීමට පොලු අල්ලාගෙන සිටි අතර තවත් සමහරක් ද්‍රව්‍ය එකතු කළහ. රාමගේ අණින් වඳුරන් සියයක් විසින් ගෙන එන ලද වලාකුළු හා කඳුවලට සමාන බට හා ගස් වලින් පාලමේ සමහර කොටස් සවි කර ඇත. විශ්වකර්මගේ කීර්තිමත් පුත්‍රයා වූ නාලා මුහුද හරහා පාලම ගොඩනඟා ඇත්තේ ඔහුගේ පියා එය ගොඩනඟා ඇති ආකාරයටම ය."

ඉතින් අපි ආචාර්ය බද්‍රිනාරායනයන් විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි වලින් මෙන්ම ශතවර්ෂ ගණනාවක් තිස්සේ රාමායණයේ සටහන් වී ඇති ලිඛිත සාක්ෂි වලින් පැහැදිලි වන්නේ පුරාණ ඉන්දියාවේ තාක්ෂණය අතින් දියුණු ශිෂ්ටාචාරයක් තිබූ බවයි. මෙම සංස්කෘතියට සාමූහිකව දියුණු ව්‍යුහාත්මක ඉංජිනේරු ව්‍යාපෘති කිරීමට හැකි වූ අතර, ඈත අතීතයේ දී ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා දිවෙන පාලමක් ඉදිකිරීමට ඔවුන්ට හැකි විය.

Latest