Skip to content

නැඳුන්ගමුවේ රාජා සදාකාලයටම අහිමිවන ළකුණු...!

නැදුම්ගමුවේ විජය රාජා හස්තියාගේ සිරුර සංරක්ෂණය කිරීම සදහා තවමත් සුදුසු ස්ථානයක් තෝරා ගැනීමට නොහැකිවීම මත එහි සංරක්ෂණ කටයුතු ප්‍රමාදවීම හේතුවෙන් හස්ති‍යාගේ චර්මයේ ගුණාත්මකභාවය තවදුරටත් රැකගත නොහැකි අවදානමක් මතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මියගිය විජය රාජාගේ මෘත දේහයෙන් ඉවත් කළ එම චර්මය මේ වන විට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අධිශීතකරණයක තැන්පත් ඇති අතර සංරක්ෂණ කටයුතු සඳහා හස්තියා තිර කිරීමට සුදුසු ස්ථානයක් තවමත් තෝරා නොගැනීම හේතුවෙන් එම සංරක්ෂණ කටයුතු ප්‍රමාදවී ඇතැයි ද එම වාර්තාව සදහන් කරයි.

ශ්‍රී දළදා මාළිගාව විසින් මේ වෙනුවෙන් මාසිකව රුපියල් හාර ලක්ෂයකට ආසන්න මුදලක් සහ කෞතුකාගාර දෙපාර්තමේන්තුව විසින් ලක්ෂ තුනකට ආසන්න මුදලක්  වැය කරන බවත් ශ්‍රී දළදා මාලිගාව විසින් වනජීවි දෙපාර්තමේන්තුවේ වියදම් සඳහා රුපියල් ලක්ෂ 11 ක්ද ලබාදී ඇති බවද එම වාර්තාව සදහන් කරයි.

පසුගිය 2022 වසරේ මාර්තු (07) වැනිදා ශ්‍රී දළදා වහන්සේ වඩම්මන ලද නැදුම්ගමුවේ විජය රාජා හස්තියා ජීවිතක්ෂයට පත්විය.

Latest