Skip to content

රාජ්‍ය තාන්ත්‍රික සහය ලබාගෙන කුඩු අංජු මෙරටට රැගෙන ඒමට සැලසුම්

ප්‍රංශයේදී අත්අඩංගුවට පත් කුඩු අංජු ලෙස අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන, සිංහාර අමල් සමින්ද සිල්වා නම් වූ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයා,රාජ්‍ය තාන්ත්‍රික සහයෙන් මෙරටට රැගෙන ඒමට සැලසුම් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ,නිහාල් තල්දුව මහතා පවසනවා.



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  යටතේ පවතින මෙරට ඉන්ටර්පෝල් ඒකකය වෙත ඔහු ප්‍රංශයේදී අත්අඩංගුවට ගත් බව ජාත්‍යන්තර පොලීසිය නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.


වයස අවුරුදු 39 වන කුඩු අංජු නමැත්තා, සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ විමර්ශන කටයුතු සදහා අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය මීටපෙර රතු නිවේදන නිකුත් කර තිබුණා.

මෙම පුද්ගලයා මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර අපරාධකරුවන් හුවමාරු කිරීමේ නීති සහ ගිවිසුම් මෙන්ම, කලාපීය සංවිධාන සමග පවතින ගිවිසුම් ගැන ද විශේෂ අවධානයක් යොමුවී තිබෙනවා.

නීතිපති උපදෙස් අනුව සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහාය ලබාගෙන ඉදිරි පියවර ගනු ලබන බවයි නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

Latest