Skip to content

වතුර ගැහුවත් අවදි නොවන මාවනැල්ලේ රාජ්‍ය ආයතන

කොලඹ නුවර මාර්ගයේ මාවනැල්ල හිඟුල ප්‍රදේශය ඔබට අමතකම නැත. ගාළු පාරේ ඇති කළුතර බෝධිය මෙන් හිඟුලේ ඇති අළුත් නුවර දේවාලයයි මාර්ගයේ ගමන් කරන්නෝ මේ දේවාලයට පඬුරක් දමා යාම පුරුද්දක් ලෙස කරන බැවිනි

කොළඹ ඉඳන් මහනුවර දක්වාම මාර්ගය පුළුල් කලත් හිඟුල දේවාලය ආසන්නයේ මාර්ගය තාමත් පටුය ඒ එක් පැත්තකින් ඓතිහාසික අළුත් නුවර දේවාලය අනිත් පැත්තෙන් හිඟුල් ඔය නිසාය

කොළඹ නුවර මාර්ගයේ අලුත් නුවර දෙර්වාලය

මාර්ගය මෙසේ පටුව තියෙද්දි හිඟුල් ඔය අයිනේ ඔය රක්ෂිතය අවභාවිතා කරමින් මේ දිනවල අනවසරයෙන් ගොඩ නැගිලි ඉදිකරමින් පවති මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය අඩ නින්දේය  ප්‍රාදේශීය සභාව වාරිමාර්ග දෙපාර්තමේන්තුව හොඳටම නිදිය  හිඟුල්    ඔය රක්ෂිතය පමණක් නොව ඔය මැද්ද  ට  වෙන්න  කොන්ක්‍රීට් කණු හදල කොන්ක්‍රීට් තට්ටුවක් දමනකම්  මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් ගොරව  ගොරව  නිදිය  මේ අයගේ  කොට්ටයට අකුණු ගැහැව්වත් ඇහැරෙන්නේ නැතිබව පරිසරයට ආදරය කරන ප්‍රදේශවාසින් පවසයි

‌    

  • ‌මේ ආයතනවලට වතුර ගැහුවත් ඇහැරෙන්නේ නැති බව ප්‍රදේශ වාසින් පවසනව මේ හැම ආයතනයකම නිලධාරින් දිනපතා මෙම ස්ථානය පසු කර වරක් දෙවරක් ගමන් කලත් ඔවුන්ට මේවා පෙනෙන්නේ නැත්තේ ඒ හරියෙන් යනකොට බලධාරින් එක්කෝ කා එක්ක හරි දුරකථන ඇමතුමක් එහෙම නැත්නම් මුහුණු පොතේ කියල ඔය බලධාරින්ගේ රියදුරු මහත්තයෙක් කීවේ මාධ්‍යට එහෙම දාන්න එපා කියලයි
  • තවත් ටිකක් හොයන කොට මේ අවනඩුවට වග කියන්නත්  ආසන්නම ආයතනය තමයි මාර්ග සංවර්ධන අධිකාරිය ඒ අයට  අයිති මහා මාර්ගයේ  මධ්‍ය රේඛාවේ සිට අඩි පණහක් දෙපැත්තට තියෙන්න ඕනෙළු හැබැයි මෙතන මැන්නේ කාගේ අඩි කෝදුවෙන්ද කියලත් ගැටළුවක්...?
  • හිඟුල් ඔය අයිති වාරිමාර්ග දෙපාර්තමේන්තුවට කෑගල්ල පැත්තෙත් කාර්‍යාලයක් තියෙනව දන්න විදිහට ඒ කාර්‍යාලේ ලොක්කා නෝනා කෙනෙක් ලොකු කාර්‍යාලය මහනුවර තියෙන්නේ ඒ අයත් ඇවීල්ල බැළුවළු පස්සේ ඒ අයටත් තද නිදිමතක් හැදිලළු..
  • ඉතිං වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද ඒ අමාරුව

Latest