Skip to content

QR ඉන්ධන කෝටාව ලබන අඟහරුවාදා සිට ඉහලට

 

ජාතික ඉන්ධන බලපත්‍රය QR ක්‍රමවේදයට සතියකට ලබාදෙන ඉන්ධන කෝටාව ලබන 30 අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නංවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

මේ අනුව ලියාපදිංචි කුලී ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 22ක්, අනෙකුත් ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 14ක් සහ මෝටර් බයිසිකල් සඳහා සතියකට ලීටර් 14ක් ලබාදීමට නියමිතය.

බස් රථ සඳහා ලීටර්125ක්, මෝටර් කාර්රථ සඳහා ලීටර් 40 ක්, ලොරි රථ සඳහා ලීටර 125ක්, වෑන් රථ සඳහා ලීටර් 40 වශයෙන් සතියකට ඉන්ධන කෝටාවක් හිමිවනු ඇත.

වැඩිකරනු ලබන නව ඉන්ධන කෝටාව ලබන අඟහරුවාදා (30) මධ්‍යම රාත්‍රියේ සිට ලබා ගත හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Latest