Skip to content

පයින්වත් යන්න බැරි අලි වලවල් ඇති පාර නිසා ගැටලු රැසක් විදින ජනතාව

මැදිලිය විහාරස්ථානය අසල ඇති ජලය පිරුණු වලවල් කිහිපයක්...

ජපන් ආධාර යටතේ 2009 වසරේදි රුපියල් කෝටි 18 කට වැඩි මුදලක් වියදම් කර කාපට් අතුරා සංවර්ධනය කර හෙම්මාතගම අරණායක මාර්ගය මේ වන විට අඹලන් වි ඇති නිසා එය සංවර්ධනය කර දෙන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. පවතින වැසි තත්වය නිසා මාර්ගයේ පයින් ගමන් කිරීමට බැරි තත්වයක් උදා වි තිබෙනවා.


මේ වන විට මාර්ගයේ ඇති අඹලන් බව හේතුවෙන් පෞද්ගලික බස් රථ ගමනාගමනය මුළු මලින්ම ඇන හිට ඇති අතර මාවනැල්ල ඩිපෝවට අයත් ලංගම බස් රථයක් පමණක් සේවයට යොදවා ඇත. නමුත් මාර්ගයේ ඇති විශාල වලවල් නිසා බස් රථයද විටින් විට කාර්මික දෝෂයන්ටද ලක් වේ. ත්‍රීවිල් රථ, යතුරු පැදි යනආදිය මාර්ගයේ ගමන් කලත් ඒවා ද ඉතා අපහසුවෙන් මාර්ගයේ ගමන් කරයි. දෛනිකව දහසකට වැඩි පිරිසක් මාර්ගය භාවිතා කරති.


සබරගමු පළාත් සභාවට අයත් මාර්ගයක් වන මෙම මාර්ගය සංවර්ධනය කිරිමේදි නිසි කාණු පද්ධතියක් සකස් නොකිරිම නිසාද මාර්ගය ඉතා ඉක්මනින් කැඩි යෑමට බලපෑවාය. එමෙන්ම සංවර්ධනය කර පසු මාර්ගය නිසි අධික්ෂණයක් නොකරීමද අද වන විට මාර්ගය මෙලෙස විනාශ විමට බලපා තිබේ.
මාවනැල්ලේ සිට අරණායක දක්වා මං තීරු දෙකට මාර්ගය සංවර්ධනය කර ඇති අතර මාවනැල්ලේ සිට හෙම්මාතගම දක්වාද මාර්ගය මං තීරු දෙකට සංවර්ධනය කර ඇත. නමුත් හෙම්මාතගම සිට අරණායක දක්වා මෙම කොටස මෙලෙස සංවර්ධනය නොකිරීම කණගාටුවට කරුණක් වන බවද ජනතාව පවසයි. ඒ නිසා වගකිව යුතු නිලධාරීන් මේ සම්බන්ධයෙන් අවදානය යොමු කරන ලෙස ජනතාව ඉල්ලා සිටිනවා.


ගාමිණි ඇටප්පාවල මහතා. ( ප්‍රාදේශි වාසියෙක් )


අප මේ මාර්ගය සම්බන්ධයෙන් විධායක ඉංජිනේරු කාර්යාලයට කතා කලා සබරගමු ආණ්ඩුකාරතුමාටත් කතා කලා ඒ සියලු දෙනාම කියන්නේ මාර්ගය හදන්න මුදල් වෙන් වේලා නැහැ කියලා. මේ මාර්ගය සංවර්ධනය නොකරාට මාර්ගයේ දෙපස වල් කැපිම දෙදෙනෙක් යෙදාවා සිදු හැමදාම වාගේ නමුත් පාර හදන්නේ නැතිව වලවල් පුරවන්නේ නැතිව වල් ටික කපලා තේරුමක් නැහැ. විධායක ඉංජිනේරු කාර්යාලය වහලා දාන්න තියෙන්නේ ඒ අයගෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැනේ. මේ වලක් වහන්න කාපට් දාන්න ඔනෑ නැහැ ගල් පස් හරි දාලා වහලා වාහාන වලට ජනතාවට මාර්ගයේ යා හැකි ලෙස සංවර්ධනය කර දෙනවා නම් වටිනවා. මේ වේලාවේ රජය ඉන්න තත්වය අපි තේරුම් අරන් ඉන්නේ නමුත් වලවල් ටික වත් වහලා පාර සකස් කර දෙන්න කියලා විතරයි අපි ඉල්ලා සිටින්නේ යැයිද පැවසීය.


මැදිලිය රං බණ්ඩා මහතා ත්‍රීවිල් රථ රියදුරෙක්.


මම ත්‍රීවිල් එකක් වැඩ කරන්නේ මේ පාරේ හයර් යනවා වැඩි කාලයක් ඉන්නේ ගරාජ් එකේ වාහාන කැඩෙනවා. ඉන්ධන වියදම වැඩි අවුරුදු ගාණක් මේ දුක විදිනවා. අපි ජන්දය දෙනවා හදපු පාරත් හරියට හැදුවේ නැහැ. දැන් අපි දුක් විදිනවා. සමහර වලවල් වල වතුර පිරුනාම වැසි දවස් වලට වාහානය ඇතුලටම වතුර එනවා. පාර හදන්නේ නැති නිසා පුදුම දුකක් තමයි විදින්නේ පාරේ පයින් යන්නත් බැහැ. ඒ තරම්ම අඹලන් පාරක්.

හෙම්මාතගම නගරයේ සිට කිලොමිටර් තුනකින් එහා අරණායක මෙම මාර්ගයේ තරුණ තරුණියන් 200 ක් පමණ රැකියා කරන කර්මාන්ත ශාලාවක් පවතින අතර හෙම්මාතගම සිට එම කර්මාන්ත ශාලාව දක්වා මාර්ගය සකස් කර ගැනීමට මුදල් වියදම් කිරීමට එම කර්මාන්ත ශාලාවේ පාලන අධිකාරීය සුදානම්ව සබරගමු පළාත් සභාවෙන් ඉල්ලීමක් කර තිබුණත් එයටද අවස්ථාව ලබා නොදුන් බව එම කර්මාන්ත ශාලාවේ නිලධාරීන් අප සමග පැවසීය.

මෙම මාර්ගයේ අඹලන් විම නිසා වැඩි වශයෙන් පාසල් දරුවන් සහ රැකියා වලට යන එන බොහෝ පිරිසක් අපහසුතාවයට ලක් වි ඇත.

Latest