Skip to content

පුටින් එළිපිටම ලෝකයට අනතුරු අඟවයි..

යුක්‍රේනයට එරෙහිව පොකුරු බෝම්බ භාවිතා කිරීමට තම හමුදා කිසිදු අවස්ථාවක පසුබට නොවන බවත් ඒ සදහා අවශ්‍ය තරම් පොකුරු බෝම්බ තොග රුසියාව සතුව පවතින බවත් කියමින් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් විසින් සිදුකල අනතුරු ඇඟවීමක් පිළිබඳව අද විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

රුසියාවට එරෙහිව භාවිතා කිරීම සදහා අමෙරිකාව විසින් පොකුරු බෝම්බ තොගයක් යුක්‍රේනය වෙත ලබාදීමට ප්‍රතිචාර දක්වමින් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් එරට රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මෙම බරපතළ අනතුරු ඇගවීම සිදු කර තිබේ.

තමන් සතුව පවතින සියලුම පොකුරු බෝම්බ භාවිත කිරීමේ අයිතිය තම හමුදාවට පවතින බැවින් ඕනෑම අවස්තාවක යුක්‍රේනය විසින් පොකුරු බෝම්බ භාවිත කළහොත් රුසියානු හමුදා එම අවස්ථාවේදීම ඊට ප්‍රතිචාර දැක්වීමට  පියවර ගන්නා බවද ව්ලැද්මීර් පුටින් එහිදී සදහන් කල බව එම මාධ්‍ය වාර්තා විසින් පෙන්වා දී තිබේ.

Ukraine-Russia war latest: Putin threatens to use cluster bombs; future of Wagner Group after mutiny ‘starting to take shape’
As cluster bombs from the US arrived in Ukraine, Putin said Russia has a ‘sufficient stockpile’; The future of Wagner Group is ‘starting to take shape’ according to the UK MoD.

Latest