Skip to content

ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර ඇති පුටින් චීනයෙන් මතුවේ.

චීනයේ බීජිං නුවරදී රටවල් 130ක සහ ගෝලීය සංවිධාන 30ක පමණ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන “එක් තීරයක් – එක් මාවතක්” තෙවැනි සමුළුව සදහා සහභාගිවීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද චීනයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තාකර තිබේ.

මේ වනවිට පවතින යුක්රේන – රුසියානු යුද්ධයට අදාළව ජාත්‍යන්තර අපරාධ අධිකරණය මගින් රුසියන් ජනාධිපති පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති පසුබිමක‍යි ව්ලැදිමීර් පුටින් මෙසේ චීනයට පැමිණ ඇත්තේ.

මෙම සමුළුවට සහභාගී වීම සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතාද චීනයේ බීජීං නුවරට පැමිණ ඇති අතර මෙරට ජනපති රනිල් වික්‍රමසිංහද ඊට සහභාගිවීම සදහා චිනයට ගොස් ඇත.

Latest