Skip to content

"මහජන සෞඛ්‍ය හෙද නිලධාරී" සේවය ඇගයේ.

මහජන සෞඛ්‍ය හෙද නිලධරීන් 300 ක් ඉදිරියේදී පුහුණූ කර බදවා ගෙන සේවය සදහා එක් කිරීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

මහජන සෞඛ්‍ය හෙද නිලධාරීණී තනතුර ආරම්භ වී ඇත්තේ 1926 වසරේදීය. ඒ මහජන සෞඛ්‍ය විෂය ආරම්භ වීමත් සමගය. මහජන සෞඛ්‍ය හෙද නිලධාරීණියන්ගේ පළමු රාජකාරිය වූයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීණියන් අධීක්ෂණය කිරීමත්, මාතෘ හා ළමා සෞඛ්‍ය කටයුතු සිදු කිරීමත්ය. 1980 වසර වන විට මහජන සෞඛ්‍ය හෙද තනතුර වෙනුවට "මහජන සෞඛ්‍ය හෙද සොයුරිය" තනතුර ස්ථාපනය කිරීමට කටයුතු කර ඇත. එතැන් සිට ඔවුන්ගේ සේවය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත යොමු කර ඇත.

2017 වසර වන විට නැවත වතාවක් අප රට තුළ මහජන සෞඛ්‍ය හෙද නිලධාරීණී තනතුර බිහිවී ඇත.වැඩිහිටි ජනගහන ඉහළ යාමත්, ජනතාව අතර බෝ නොවන රෝග ඉහළ යාමේ මට්ටකට පත්වීම ඊට හේතුව විය. ඒ අනුව මහජන සෞඛ්‍ය හෙද නිලධරීණියන් බදවා ගැනීම 2018 වසරේදී නැවත ආරම්භ කර ඇත. එසේ බදවා ගත් මහජන සෞඛ්‍ය හෙද නිලධාරීනීයන් සේවය සදහා අනියුක්ත කරන ලද්දේ ප්‍රාථමික සත්කාර අයතන වෙතය. මේ වන විට මහජන සෞඛ්‍ය හෙද නිලධාරීණියන් 160 දෙනෙකු මෙරට සේවය කරති. තවත් 300 දෙනෙකු බදවා ගෙන පුහුණූ කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සකස් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

වැඩිහිටි සත්කාරක සේවා, බෝ නොවන රෝග වැළැක්වීමේ ක්‍රියාකරකම්, සහන සත්කාරක සේවා, තුවාල සත්කාර, හදිසි අවස්ථාවක ක්‍රියා කිරීම සහ කුඩා ප්‍රමාණයේ පරීක්ෂණ ඔවුන් විසින් සිදු කිරීමට නියමිත සේවාවන් අතර වේ.

මෙරට ක්‍රියාත්මක ප්‍රාථමික සත්කාර ඒකක 1000 ක් සදහා ප්‍රමාණවත් මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් බදවා ගැනීමටත්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීමත් අරමුණ වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි. එම කටයුතු ඉදිරි වසර 05 තුළදී ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.

මෙම තොරතුරු අනාවරණය වූයේ මහජන සෞඛ්‍ය හෙද නිලධාරීණියන්ගේ සේවය ඇගයීම සදහා කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවති උත්සවයකදීය. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්කවැල්ල මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් කීප දෙනෙකුම මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Latest