Skip to content

පාස්කු ප්‍රහාරයේ සිව් වන වසර සැමරේ.

පාස්කු ප්‍රහාරයට වසර 04 ක් පිරීම නිමිත්තෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ දේවස්ථාන 10 ක විශේෂ ආගමික වැඩ සටහන් සංවිධානය කර තිබුණි.

හලාවත නගරයට එක්වූ කතෝලිකයින් පිරිසක් යාඥාවේ නිරත වෙමින් පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින්ට සාධාරණයක් ඉල්ලා සිටියේය.

මාදම්පේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදීද විශේෂ ආගමික යාඥා මෙහෙයක් පවත්වන ලදි.අනතුරුව ඔවුන් සියළුම දෙනා වින්දිතයින් සිහි කරමින් පහන් දැල්වීමකද නිරත විය.පසුව දේවස්ථානය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයට පැමිණි පිරිස යාඥා කරමින් පාස්කු ප්‍රහාරයට ලක්වූවන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින් නිහඩ විරෝධතාවයකද නිරත විය.

Latest