ප්‍රංශයේ බදාදා සවස් භාගය වන විට වඩාත් නොසන්සුන්තාවයක් ඇති කරනු ලැබූවේ එරට පොලීසිය විසින් රථවාහන නැවැත්වීමක් සිදු කරන ලද අවස්ථාවක දී 17 හැවිරිදි තරුණයෙකුට වෙඩි තැබීමත් එනයින්; අදාළ තරුණයා ජීවිතක්‍ෂයට පත් වීමත් හේතුවෙනුයි. මෙම සිද්ධිය අඟහරුවාදා රාත්‍රියේ පැරිසියේ තදාසන්න ප්‍රදේශ කිහිපයක ප්‍රචණ්ඩ විරෝධතා ඇති කළ අතර, එහිදී පොලිස් නිලධාරීන් 24 දෙනෙකු තුවාල ලැබූ අතර මෝටර් රථ 40 ක් ගිනි තබා ඇති බව ප්‍රංශ බලධාරීහු පවසති.
තත්වය වඩාත් ප්‍රචණ්ඩකාරී වීම පාලනය කර ගැනීම සදහාම බදාදා දහවල් කාලය වන විට අමතර පොලිස් නිලධාරීන් 2,000ක් ස්ථාපිත කර ඇතැයි ද වාර්තා වේ. වෙඩි තැබූ බව කියන අදාළ නිලධාරියා අඟහරුවාදා වන විටම අත්අඩංගුවට ගත් බව සදහන් වන අතරම Naël යන නමින් ජීවිතක්‍ෂයට පත් වූ තරුණයා මේ වන විට හදුනා ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුර කරුණු අනාවරණය කර තිබේ. පැරිසියේ තදාසන්න නගරයක් වන Nanterre හි රථවාහන නැවතුමකදී මෙම ඛේදජනක සිදුවීම සිදුව ඇති අතරම ප්‍රශ්න කිරීම සඳහා මෙම නිලධාරියා තවත් පැය 24 ක් අත්අඩංගුවේ සිටිනු ඇති බව Nanterre අභිචෝදක කාර්යාලය සදහන් කර තිබේ.
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මෙලෙස වෙඩි තැබීම ඉතාම අසාධාරණ ක්‍රියාවක් ලෙස දක්වා ඇති අතර Marseille නගරයේදී මාධ්‍යවේදීන් අමතමින් මැක්‍රොන් සදහන් කර ඇත්තේ මෙම තරුණයාගේ මරණය කිසිලෙසකින් වත් සාධාරණීකරණය කල නොහැකි බවයි. සිදුවීම වන අවස්ථාවේදී මෙම Mercedes AMG රථය තුල තවත් දෙදෙනෙකු සිට ඇති බවට බලධාරීහු අවධාරණය කර සිටී. CBS පුවත් සේවයේ වාර්තාව පහතින්: