එළඹෙන සතිය රටේ මූල්‍ය හා සමාජ ක්ෂේත්‍රයේ දැවැන්ත භූමිකම්පා දෙකකට මග පාදන සතියක් බවට පත්ව ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සදහන් කරයි.
මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා මෙසේද කියා සිටියේය.
ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලසුම කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබීම.මින් යම් කිසි කම්පනයක් ඇති විය හැකි නිසා අපේක්ෂිත බැංකු ක්ෂේත්‍රයට සහ කොටස් වෙළෙඳපොළට 30 වෙනිදා නිවාඩු ලබා දී තිබෙනවා. ණය කප්පාදු කිරීමත් සමග සේවක අර්ථසාධක අරමුදල අර්බුදයට යන බවත්, තේ දළු නෙළන කාන්තාව, කම්හලේ වැඩකරන කම්කරුවා ගේ සිට විශ්ව විද්‍යාල මහාචාර්යවරයා දක්වාත්,මහ බැංකුවේ සේවකයන්,ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් මෙන්ම පුද්ගලික අංශයේ සේවකයන් ඇතුළු සියළුදෙනා මින් අර්බුදයට යනවා.ඒ අනුව ආණ්ඩුවේ තාවකාලික චූන් එක සහ පෝළිම් නැතිවුනා ය යනුවෙන් උදම් ඇනූ යුගය ද අවසන් වී යාමට නියමිතයි.
ණය ප්‍රතිව්‍යුහගතකරණය අපිට ඕන ඕන විදියට කරන්න බෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා තිබෙන මූලධර්ම අපි අනුගමනය කරන්න ඕනේ. ඒකෙන් ඉතාම වැදගත් මූලධර්මයක් තමයි සැමට සමානව සැලකීම කියන දේ. ඒ නිසා දේශීය ණය හිමියන්ට එක ප්‍රතිපත්තියකුත්, විදේශීය ණය හිමියන්ට තවත් ප්‍රතිපත්තියකුත් අනුගමනය කරන්න රජයට බෑ. අපි මේක මුල ඉඳන්ම කිව්ව කාරුණයක්. ආණ්ඩුව කිව්වේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නැහැ කියලා. නමුත් අපි මුල ඉඳන්ම කිව්වා මේක කරන්න බැහැ. මූල්‍ය අරමුදලේ කොන්දේසි යටතේ සමාන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න වෙනවා කියලා.
දෙවෙනි වැදගත් කාරණය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය දරාගත හැකි මට්ටමකට පත්වුණාය කියලා සෑහීමකට පත්වෙන ණය කපන්න ඕනේ කියන එක. අපිට මේ ණය ටිකක් කපලා බේරෙන්න බැහැ. සෑහීමකට පත් වෙන ආකාරයට ණය කපන්න ඕනේ. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එම ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ නිර්ණායක වලට අනුකූල කටයුතු කළ යුතු වනවා. මේ කරුණු දෙක දිහා බැලුවහම,දේශීය ණය අනිවාර්යයෙන්ම කප්පාදුවකට ලක් කළ යුතු වෙනවා.
රණවක මහතා පහත තොරතුරු ද අනාවරණය කළේය.
දේශීය ණය (රුපියල්) 2023.03.31 - බිලියන 15,349 (64% ද.ජා.නි)
ඉන් - භාණ්ඩාගාර බිල්පත් - රුපියල් බිලියන 4636 (19% ද.ජා.නි.යෙන්)
- භාණ්ඩාගාර බැඳුම්කර - රු.බි. 9108 (38% ද.ජා.නි.යෙන්)
-තෙල් සංස්ථාවේ ණය 797 රු.බි. (3% ද.ජා.නි.)
-ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (SLDB) 276 රු.බි. (1% ද.ජා.නි.)
විදේශ මුදල් වලින් ඇති දේශීය ණය (FCBU) 112 රු.බි.
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ගත් අත්තිකාරම් 345 රු.බි.
වර්තමාන තත්ත්වය (ජුනි 22 වන විට)
- භාණ්ඩාගාර බිල්පත් රු.බි. 5291
- භාණ්ඩාගාර බැඳුම්කර රු.බි. 9032
දැන් මොකද්ද ආණ්ඩුව කරන්න යන්නේ? ලබන 28 වෙනිදට මේ දේශීය ණය කප්පාදු කරන ක්‍රමවේදය සහ විදේශ කප්පාදු කරන ක්‍රමවේදය ප්‍රකාශයට පත් කරන්නයි සුදානම. හැබැයි අපේ ණය හිමියන් සමඟ ඒ ගිවිසුම ලබන සැප්තැම්බර් මාසයට පෙර අස්සන් කළ යුතුයි. එසේ නොවුණොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර හය මාසයකට පසුව එන පසු විපරමට එහෙම නැත්නම් "රිවිව්" එකට අපි අහුවෙනවා. අපි ඒ කටයුත්ත කළේ නැත්නම්,අපිට ජාත්‍යන්තර මූල් අරමුදලේ සහයෝගය ලැබෙන්නේ නැහැ. ඒ සහයෝගය ලැබෙන්නේ නැත්නම්,ඒ එක්කම ලෝක බැංකුවේ සහ සංවර්ධන බැංකුවේ දැන් ලැබෙමින් තියෙන සහයෝගය නතර වීමේ අනතුරක් හා ලංකාවට ණය හිමියන්ගේ අධිකරණ ක්‍රියාවලීන් වලට මුහුණ දීමේ අනතුරකුත් එක පැත්තකින් තියෙනවා.



විදේශීය ණය (ඩොලර් බිලියන) 31.03.2023
ආණ්ඩුව විසින් උසුලන 36.090
(මෙයින් වාණිජ ණය 14.751)
මහ බැංකුව විසින් උසුලන 5.065
ආණ්ඩුවේ සමස්ත ණය ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ යනවා.
ආණ්ඩුවේ සමස්ත ණය
2022.12.31 84.703
2023.03.31 91.561
ඒ කියන්නේ ඩොලර් බිලියන 6.85ක් වැඩියෙන් ණය වෙලා තියෙනවා මේ කෙටි කාලය ඇතුළත. මේක සමහරු කිව්වේ ආණ්ඩුව ඩොලර් බිලියන හතක් ණය අරගෙන කියලා. එහෙම්මම නෑ. ඩොලර් වලින් ගත්ත ඒවත්,භාණ්ඩාගාර බිල්පත් හරහා රුපියල් වලින් ගත්ත ඒවත් එකට එකතු කරලා තමයි මේක අරන් තියෙන්නේ. මේක සැළකිය යුතු විශාල මුදලක්.
දැන් ආණ්ඩුව මොකද කරන්න යන්නේ? මේක කප්පාදු කරන්න යන්නේ. රුපියල් ණය කප්පාදු කරන්න යන්නේ ඩොලර් ණය කප්පාදු කරන්න යන්නේ. මොකක්ද මූලධර්මය? මූලධර්මය තමයි දළ මූල්‍යයන අවශ්‍යතාවය කියලා අපි අඳුනගෙන තියෙනවා
වාර්ෂික දළ මූල්‍යයන අවශ්‍යතාවය
(Gross Financial Need)
2024 17.9% ද.ජා.නි
2026 15.9% ද.ජා.නි
2028 < 13% ද.ජා.නි
2022 තත්ත්වය
GFN 32% ද.ජා.නි
ගිය අවුරුද්දේ දළ දේශීය නිෂ්පාදනයෙන් 32% යි. මේක අඩු කරන්න ඕනේ ලබන අවුරුද්දේ 17.9% ට. ඒ කියන්නේ අපේ වියදම් කපන්න වෙනවා වියදම් ඇතුලේ තියෙනවා මොනවද ණය ආපසු ගෙවීම. ණය කැපීම තමයි මේකේ අරමුණ එතකොට ණය කපන ක්‍රම තුනක් තියෙනවා.
1. පොලිය කපා හැරීම : භාණ්ඩාගාර බිල්පත් වල තියෙන,වෙනත් විදේශ ණය වලින් ගත්ත ඒවට,අපි ගෙවනවා නම් යම් පොළියක්. ඒ පොළිය කපා හැරීම.
2. කල් පිරෙන කාලය කල් දැමීම.
3. ගත්ත ණය ප්‍රමාණය කපා හැරීම.
ණය කප්පාදු නොකළොත් මූල්‍ය අරමුදලේ, ලෝක බැංකුවේ,ආසියාණු සංවර්ධන අරමුදලේ රැකවරණය නැතුව යනවා. ඒ විතරක් නෙවෙයි ණය ගෙවන්න පටන් ගත්තට පස්සේ අද මේ තියෙන තාවකාලික චූන් එක නැතුව යනවා. එමෙන්ම ජූනි 30 වෙනකොට භාණ්ඩ 1300 කට අධික ප්‍රමාණයක එච්. එස් වල තියෙන ඒවා නිදහස් කරන දිනය,වාහනත් ඇතුළත්ව ආණ්ඩුවට ප්‍රකාශ කරන්න වෙනවා. මේ සියල්ලම මොනවද? ඩොලර් එළියට යන ක්‍රම. එතකොට මේ ඩොලර් එක දැන් මෙච්චර ගාණට ගෙනාවා,පෝලිම් නැතිවුණා කියලා උදම් ඇණපු යුගය අවසන් වෙන්න නියමිතයි. ජූනිවලින් පස්සේ. ඒ වගේම මේ ණය කප්පාදුවත් එක්ක විශාල අර්බුදයකට යනවා.සේවක අර්ථසාධක අරමුදල,සේවක අර්ථ සාධක අරමුදලේ තිබෙන බිලියන 3500කට ආසන්න මුදල මුළුමනින් ම පාහේ අරන් තියෙනවා ආණ්ඩුවට ණය හැටියට. කවුද සේවක අර්ථසාධක අරමුදලේ ඉන්නේ? තේ දළු නෙළන කාන්තාව, කම්හලේ වැඩකරන කම්කරුවා,විශ්ව විද් යාල මහාචාර්ය වරයා, මහ බැංකුවේ සේවකයෝ, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයෝ,පුද්ගලික අංශයේ සේවකයෝ තමයි සේවක අර්ථසාධක අරමුදලේ ඉන්නේ. වර්තමානයේ මේ මොහොතේ ක්‍රියාකාරී ගිණුම් ප්‍රමාණය විසිහය ලක්ෂයක්. ඒ කියන්නේ විසිහය ලක්ෂයක් වැඩ කරන ජනතාව මහාචාර්යවරුන්ගේ ඉඳන් තේ දළු දළු කඩන කාන්තාව දක්වා.
ඊට අමතරව තවත් ගිණුම් අසූ ලක්ෂයක් තියෙනවා. පරණ විශ්‍රාම ගිය අයත් එක්ක. එතකොට මේකට වදිනවා ජීවිත කාලයක් තමන් මහන්සි වෙලා හරි හම්බු කරලා මහත් වූ බලාපොරොත්තු තබාගෙන හිටපු සේවක අර්ථසාධක අරමුදල අපි අපේ මිනිස්සු "ෆන්ඩ්" එක අරගන්නවා කියලා. ෆන්ඩ් එක සමහර විට ලක්ෂ පහක් වෙන්න පුළුවන්. සමහරෙකුට ලක්ෂ තුන්සිය පනහ වෙන්නත් පුළුවන්. මේකට අනිවාර්යෙන් වදිනවා. කවුද මේකට වගකියන්න ඕනේ?"
විශේෂයෙන්ම ලංකා බැංකුව,මහජන බැංකුව ආණ්ඩුව හූරන් කාලා තියෙනවා. තැන්පතු වලින් 50% කට වැඩි ප්‍රමාණයක් ආණ්ඩුව හූරන් කාලා තියෙනවා. අද මොනවද ඒ ව්‍යාපෘතිවලට වෙලා තියෙන්නේ? දැන් බලන්න කහතුඩුවේ ඉදලා රත්නපුරේට පාරක් හදනවා කිව්වා. ලංකා බැංකුවෙන් ණයක් දෙනවා කිව්වා. බිලියන පහළොවකට අධික ප්‍රමාණයක් ගත්තා. හැදිච්ච පාරක් තියෙනවද? මුල් ගල විතරයි. ඒ සාහසික අපරාධයට කවුද වග කියන්නේ කව්ද?
ලංකා බැංකුව,මහජන බැංකුව ඇතුළු ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඇතුළු මේ සියළුම දෙනා විසින් තමන් සතුව තිබිච්ච ඩොලර් ආණ්ඩුවට දුන්නා. අන්තර් ජාතික ස්වෛරී බැඳුම්කර මිලදී ගත්තා. ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර මිලදී ගත්තා.
එක්සත් ජනරජ පෙරමුණ පක්ෂයේ අපි ඉල්ලන්නේ යුක්තිය. ඒ යුක්තිය ඉටුවෙන්න නම් මේ ණය කප්පාදුව රටේ වැඩකරන ජනතාව මතට,මේ රටේ අහිංසක ගිණුම් හිමියෝ මතට පටවන්න යනවා නම්,පළමුව මේ ආර්ථික අපරාධයට දඬුවම් දෙන්න ඕනේ. අපි එක්සත් ජනරජ පෙරමුණ යටතේ ආණ්ඩුවකින් පළමුවෙන්ම කරන දේ මොකක්ද? මේ ආර්ථික අපරාධ පිළිබඳ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවක් පත් කරලා ඉතා කෙටි කලක් ඇතුළත ලංකාව බංකොලොත් කිරීම සඳහා උපදෙස් දීපු අය, ලංකාව බංකොලොත් වීමට අවශ්‍ය කරන තීන්දු තීරණ ගත්ත අය. දේශපාලකයෝ, නිලධාරීන්, නැත්නම් ව්‍යාපාරිකයන් මේ සියලු දෙනාවම අපි අධිකරණයක් ඉදිරියට කැඳවලා දඬුවම් ලබා දෙනවා. එසේ දඬුවම් ලබා නොදී මේ මහා පාපය ජනතාව මත පැටවීම කිසිසේත්ම අපි අනුමත කරන්නේ නැහැ.
අපිට දැන් පටන් ගනියි මඩ ගහන්න. සමහර පත්තර තියෙනවා අපිට මඩ ගහන්නමයි පලවෙන්නේ. හැබැයි ලංකා බැංකුවේ සල්ලි වලින් තමයි පත්තර ගහන්නේ. ඒවට පොළු තියලා තමයි කරන්නේ. ඉතින් මේ වගේ දේවල් තියෙනවා. අපි හැබැයි මතක තියාගන්න මේ රටේ ජනතාව අනාගතයේ දවසක අරගලයකට එයි. මේ ආර්ථික යුක්තිය ඉල්ලලා.ඒ අරගලයට මේ එක්සත් ජනරජ පෙරමුණ නායකත්වය දෙනවාමයි.
අස්වැසුම වැඩපිළිවෙලට මැදිහත් වුණේ ලෝක බැංකුව.මොකද ලෝක බැංකුව විතරයි මේ දුප්පත්කම ගැන විධිමත් විමර්ශණයක් කරලා තියෙන්නේ. අපේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2019 ඉඳන් මේ වෙනකං කිසිම විමර්ශනයක් කරලා නෑ. ඉතින් ලෝක බැංකුවෙන් විමර්ශණයක් කරලා තමයි මේ ටික හොයා ගත්තේ. ඒ අනුව පසුගිය ඔක්තෝම්බර් මාසේ ඉදලා අයදුම්පත් කැදෙව්වා. පවුල් කීයක් සම්බන්ධ වුනාද? පවුල් තිස් හත් ලක්ෂයක් කිව්වා අපිට මේ දීමනාවක් අවශ්‍යයි ජීවත් වෙන්න අමාරුයි කියලා. මොකද දුප්පත්කම ආසන්නයෙන් දෙගුණ වෙලා තිබුණ නිසා. අස්වැසුම වැඩපිළිවෙළ අපටත්,පාර්ලිමේන්තුවට පෙන්නලා දීපු විදිහට නම් ඉතාම විද්‍යානුකූලව මේක හොයා ගත්තා කියලා තමයි කිව්වේ. කෙසේ නමුත් මෙතන යම් පිරිසක් මග හැරිලා තිබෙන බව ඉතා පැහැදිලියි. ඒ වගේ ම අපි තවත් පිරිසක් ඉන්නවා දේශපාලන හයියෙන් සමෘද්ධිය ගත්ත අය. පාක්ෂිකයෝ හැටියට, ඡන්ද පොල නියෝජිතයා හැටියට සමෘද්ධිය ගත්ත අය. ඒ අය මේකෙන් ඉවත් වුණාට අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. දේශපාලනමය වශයෙන් යූ එන් පී,ශ්‍රී ලංකා කියලා දීපුවා කප්පාදු කිරීම ගැන කිසිම ප්‍රශ්නය අපිට නැහැ. එහෙම කරලා තියෙනවා නම්, ඒකටත් අපි එකඟයි. හැබැයි.
මේ විදුලි ඒකක 60 ට අඩු පිරිසක් ඉන්නවා අළුතෙන් එකතු වුණ. මම මේ කියන්නේ ඔය සංඛ්‍යා ලේඛනය ගත්තේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ. ඒ ඔක්තෝබර් මාසේයි මේ මාර්තු මාසෙයි අතර විතරක් විදුලි ඒකක පැත්තෙන් ගත්තාම අළුතෙන් දුප්පත් වෙච්ච පවුල් ඉන්නවා කීයක්ද? ලක්ෂ පහකට අධික පිරිසක් ඉන්නවා. මේ මිනිස්සුන්ව මග ඇරිලා ගිහිල්ලා. අළුතෙන් සීඝ්‍රයෙන් දිනපතා දුප්පත් භාවයට අපේ මිනිස්සු පත්වෙනවා. ඒ නිසා මේ පිළිබඳව ඔවුන් කටයුතු කළ යුතුයි. ඒ විද්‍යානුකූල ක්‍රමවේදයකට.
ඒ වගේම සමෘද්ධි බැංකුවල අනාගතය පැහැදිලි නෑ. සමෘද්ධි බැංකු හරහා තමයි මේ මුදල් දැම්මේ. සමෘද්ධි බැංකුවල තියෙනවා බිලියන් දෙසීයකට වඩා. ඒවා තැන් තැන් වල ආයෝජනය කරලා තියෙනවා. ඒගොල්ලොත් ඔය භාණ්ඩාගාර බිල්පත් වල එහෙම ආයෝජනය කරලා ඇති සමහරවිට. මේ දුගීයන්ගේ සල්ලි. එතකොට ඒවට මොකද වෙන්නේ කියලත් ප්‍රශ්නයක් තියෙනවා. මොකද සමෘද්ධි බැංකු හරහා තමයි මෙතුවක් කල් මේ සල්ලි දැම්මේ. හැබැයි ජූලි පළවෙනිදා ඉදන් මේ සල්ලි යන්නේ ඕන බැංකුවක් හරහා. ඉතින් ඒක නිසා ඒ සමෘද්ධි බැංකුවල අවශ්‍යතාව නැතිවෙනවා. දැන් සමෘද්ධි බැංකුවලටයි, සමෘද්ධි නියාමකයින්ට කියලා තියෙනවා,ජනතාව බලාත්මක කරන්න කියලා. මම හිතන්නේ නැහැ එහෙම එහෙම දෙයක් මේ දේශපාලන කාර්යභාරයේ ඡන්ද එකතු කරගන්න යොදාපු,බැසිල් රාජපක්ෂ මහත්තයාගේ සේනාංකයට රටේ දුප්පත්කම නැති කිරීම සඳහා එහෙම දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා.
ඒ නිසා සමෘද්ධි ව්‍යාපාරය, සමෘද්ධි නියාමකවරු මුළුමනින්ම ප්‍රතිව්‍යුහගත කරගන්න ඕනේ. මෙවැනි ජාතික ක්‍රියාදාමයකට යන්න. මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයො ගොඩනගන ඕනේ ව්‍යාපාරයක් හැටියට.
මෙතන වැදගත් අළුතෙන් ඇත්තටම දුප්පත් වෙච්ච මිනිස්සු පිළිබඳව වැඩපිළිවෙලක සහ වැඩසටහනක්. ලෝක බැංකුව ගේ මැදිහත්වීම නිසා මේ දීමනාව තුන් ගුණයකින් වැඩි වෙලා තියෙනවා. මොකද ආණ්ඩුව ගිය අය - වැයේ ප්‍රකාශ කරපු ගාන වගේ තුන් ගුණයක් වැඩි කරලා තියෙනවා. එතකොට ඒවා කරන්න යන්නේ ඒගොල්ලන්ගේ හයියෙන්. නිසා ඒ නිර්ණායකයන්ට අනුකූලවත් වෙන්න ඕන මේ කටයුත්ත. කවර බේදයකින්වත් තොර ව දුගියන් හඳුනා ගැනීමත් ඒ දුගියන් ලැයිස්තු ගත කිරීමත් ඒ වගේම ඒ දුගියන් දුගී භාවයෙන් මිදීම සඳහා යන ගමන් මග පිළිබඳ නිරන්තරයෙන්ම පසු විපරම් කිරීමත් අවශ්‍ය වෙනවා.
මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් පාඨලී චම්පික රණවක මහතා.
ප්‍රශ්නය:මීළඟ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ආර්ථිකය සම්බන්ධ කෙනෙක් කියන ඉඟියක් අපිට දුන්නා.ඒ ඉඟිය තේරෙනවද ඔබට?
පිළිතුර:අපිට නම් හොඳට තේරෙනවා. මොකද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රම ක්‍රමයෙන් දේශපාලනයේ කොන්වී යමින් තිබෙනවා. රාජපක්ෂවරුන්ගේ මැජික් එක ඉවරයි. රාජපක්ෂ කියන්නේ දැන් මේ රටේ දුගී දුප්පත් ජනතාවගේ ඉදන් සෑම ජනතාවගේම හද පත්ලේ භයංකර වෛරයකට ලක් වෙච්ච තැනක්. ඒ නිසා ආයේ මහින්ද මහත්තයාගේ රූප ගහගෙන බෝඩ් ගහගෙන මේ රටේ ඡන්ද කොරන්න බැහැ. ඒ වගේ ම දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉන්න බොහෝ පිරිසක් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඊළඟ පාර ජනාධිපති කිරීම සඳහා පෙළ ගැහෙමින් ඉන්නවා. කාර්යාල හදාගෙන,සංවිධානය වෙමින් ඉන්නවා. ඉතින් ඔය බර ඒගොල්ලන්ට දැනෙනවා. දැනෙන නිසා ඒගොල්ලෝ ඉතින් අපි ජනාධිපති අපේක්ෂක ඉදිරිපත් කරනවා වාගේ කතා කියනවා. මේ අපි දිහාත් බලන්න කියලා අර පොඩි ඈයෝ බඩු පොලේ ගහලා අඬලා අම්මලාගේ අවධානය යොමු කර ගන්නවා වගේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අවධානය යොමු කරගන්න යන්නේ. ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයා,රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක තියෙන අවබෝධයේ තරම ඔය මාධ්‍ය හමුවලට වල වාඩිවෙන ඇත්තෝ දන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන් යුගය හමාරයි. ඒක ඒගොල්ලෝ අවබෝධ කරගන්න ඕනේ. නෙළුම් මාවත වහන්න කාලේ හරි මොකද ඒගොල්ලන්ගේ ග්‍රාමීය බලකාය අර සමෘද්ධි බලකාය රනිල් මහත්තයා ජූලි පළවෙනිදා ඉදන් ඒකට උරුම වෙන්නෙත් අර ටයිට්න් සබ්මැරීනයට වෙච්ච දේ. ඒක පුපුරලා ඉවර කරනවා. ඉතින් මං හිතන්නේ ඒ නිසා ආය මේවට කලබල වෙන්න දෙයක් නෑ. ඒගොල්ලන්ගේ දේශපාලනය ඉවරයි. ඉතින් ඔය වගේ සද්ද බද්ද අපිට ඇහෙයි. ඒගොල්ලෝ මං හිතනවා ඒ අය හදන්නේ රාජපක්ෂවරු නොවන අළුත් මාවතක් සොයා ගන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ පිළිබඳ යම් උනන්දුවක් දක්වන අය ආර්ථිකය හදන්න හරි මොකකට හරි උනන්දුවක් දක්වන අය හොඳ තමන් පිළිබඳ හොඳ ස්වයං විවේචනයක්,හොඳ පාපොච්චාරණයක් කරලා ජනතාවටත් ඇත්ත කියලා නිකන් පොර ටෝක් දෙන්න ඕනේ නැහැ. අපේ කාලේ ටොප් එකට දුන්නා මේ ආණ්ඩුව ආවට පස්සේ තමයි මෙහෙම කළේ. මේ දුප්පත්කම වැඩි වෙලා තියෙනවා. මෙහෙම මේ රාජපක්ෂලාව ගෙනල්ලා රට බංකොලොත් කරපු අය තමයි දැන් ආණ්ඩු විරෝධී වෙන්න යන්නේ. ඒක එහෙම වෙන්න බැහැ. ඒක නිසා ඒ අය තමන් පිළිබඳ ස්වයං විවේචනයක් කරලා,නිහතමානී වෙලා අළුත් ගමනක් ගියොත ඒගොල්ලන්ට අනාගතයක් තියෙයි. නැත්නම් ඉතින් රාජපක්ෂවරුන්ගේ සට්ටැඹිකම් කරන්න ගියාට වැඩක් වෙන්නේ නැහැ. මොකද ඒ අය අවලංගු වෙලා ඉවරයි.