Skip to content

ප්‍රමිතියෙන් තොර ටින් මාළු නිෂ්පාදනය කළ ආයතන 05 කට නීතිමය පියවරක් ගෙන නෑ.

ප්‍රමිතියෙන් තොර ටින් මාළු නිෂ්පාදය කර බෙදා හරින ආයතන පහකට(05) එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කර නොමැති බව රජයේ විගනන දෙපර්තමේන්තුව නිකුත් කර ඇති වාර්තාවක සදහන් වේ.

එම ටින් මාළු සම්බන්ධයෙන් සිදු කර ඇති නියැදි පරීක්ෂාවකදී අනවරණය වී ඇත්තේ ඒවා ප්‍රමිතියෙන් තොර බවය.

පාරිභෝගික සේවා අධිකාරිය විසින් 2011 වසරේදී සිදු කරන විමර්ශණයකදී ප්‍රමිතියෙන් තොර එම ටින් මාළු තොගය සොයා ගෙන තිබුණි.

යම් භාණ්ඩයක් ප්‍රමිති හා පිරිවිතවලට අනුකූල නොවන ප්‍රයෝජනයට ගත නොහැකි හෝ පරිභෝජනයට නුසුදුසු බවට අනාවරණය වුවහොත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරී පනතේ 61(3) "ආ"වගන්තියට අනුව එම තොග අවස්ථානෝචිතව තහනමට ගෙන නීතිමය පියවර ගත යුතු බවය.

නියැදි පරීක්ෂාවේදී ප්‍රමිතියෙන් තොර බවට අනාවරණය වී ඇති ටින් මාළු නිෂ්පාදකයින්ට එරෙහිව නීතිමය පියවර නොගැනීම සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය විගනන දෙපාර්තමේන්තුවට කරුණූ පැහැදිලි කිරීමක්ද මෙතෙක් සිදු කර නොමැති බවද කියති.

Latest