Skip to content

පරිස්සම් වන්න..සක්‍රීය ජල ධාරිතාවය සීග්‍රයෙන් පහලට...

මේ දිනවල රටතුල පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් රටේ සියළුම ජලාශවල සක්‍රීය ජල ධාරිතාව සැලකිය යුතු මට්ටමකින් පහළ බැස ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.

එසේම විදුලි උත්පාදන ජලාශවල සක්‍රීය ජල මට්ටමද 35.7% දක්වා පහත වැටී ඇති බැවින් ඉදිරියේදී විදුලි උත්පාදන කටයුතු වලටද දැඩි බලපෑම් එල්ල විය හැකි බව විදුලිබල මණ්ඩලය  අනතුරු අඟවයි.

මීට  අමතරව මහවැලි ජලශවල සක්‍රීය ජල මට්ටම 32% දක්වාත්  වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල සක්‍රීය ජල ධාරිතාව 32.6% දක්වාත් අඩුවී ඇති බවත් සඳහන්වේ.

එසේම රන්දෙණිගල 10.6% දක්වාත්, සමනලවැව 14% ක් දක්වාත්, කාසල්රි 42.6% දක්වාත්, මාවුස්සැකැලේ 44% ක් දක්වාත්, කොත්මලේ 65.8% ක් දක්වා සහ වික්ටෝරියා ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව 31.6% දක්වාත් පහතවැටී තිබේ.

වලව කලාපයේ උඩවලව ජලාශය වසර 20කට පසුව මේ වන විට සියයට එකයි දශම අටක (1.8%) මට්ටමට පහත වැටී ඇති බැවින් එම ජලාශයෙන්  ජලය මුදා හැරිය හැකි වන්නේ තව දින දෙකක් පමණක් බවත් ජලාශය භාර වාරි ඉන්ජිනේරු සුජීව ගුණසේකර සදහන් කරයි.

Latest