Skip to content

ඖෂධ කාණ්ඩ 60ක මිල පහතට..

ඩොලරයේ අගය පහත යෑමේ වාසිය සැලකිල්ලට ගනිමින් අත්‍යවශ්‍ ආනයනික ඖෂධ කාණ්ඩ 60 ක මිල අද (ජූනි 26) සිට පහත දමා ඇත. 16%ක ප්‍රතිශතයකින් එම ඖෂධ කාණ්ඩයන් හී මිල පහත දමමින් සෞඛ්‍යය අමාත්‍යවරයා විසින් පසුගිය 15දින නිකුත් කරමින් ප්‍රකාශයට පත් කර ඇති ගැසට් නිවේදනයේ ප්‍රකාරව එම ඖෂධ වල මිල ගණන් පහත යනු ඇත.

සමස්ථ ලංකා ඖෂධ හිමියන්ගේ සංගමය පෙන්වා දෙන්නේ මෙම මිල අඩු කිරීම සිය සංගමය විසින් රජයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් කරණ ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් බවයි. මෙරට ඖෂධ වෙළද නාමයන් 1200ක පමණ 1200 ක පමණ ප්‍රමාණයක් ඇති බවද  ඉන් ඖෂධ කාණ්ඩ 60ක පමණ මෙසේ මිල අඩු කෙරුනද එය මෙරට බහුල වශයෙන් භාවිතා වන ඖෂධ වලින් 50%ක් පමණ වන බවද ඔහු සඳහන් කලේය.

ඒ අනුව පැරසිටමෝල් , ඇමොක්සලීන්, තයිරොක්සීන් ඇතුළු ඖෂධ කාණ්ඩ 60ක් මිල මෙසේ අඩුවීමට නියමිතය. සෞඛ්‍යය අමාත්‍යාංශය සඳහන් කරන පරිදි යම් ඖෂධ නිෂ්පාදකයෙකු, ආනයනකරුවෙකු හෝ බලයලත් ඕනෑම පාර්ශවකරුවෙකු අදාල ගැසට් නිවේදනයේ සඳහන් මිල ගනන යටතේ පමණක් එම ඖෂධ විකිණීම සිදු කලයුතු වෙයි.

අදාල ගැසට් නිවේදනය මෙසේය

Latest