Skip to content

පියයුරු පිළිකා වළකමු.

2020 වසරේදී ලොව පුරා නව පියයුරු පිළිකා රෝගී කාන්තාවන් 5189 ක් හදුනා ගෙන ඇති බවත්,එම ප්‍රමාණය සියළුම පිළිකා රෝගීන්ගෙන් 26% ක ප්‍රතිශතයක් බව ජාතික පිළිකා මර්ධන ඒකකය සදහන් කරයි.

සැප්තැම්බර් මස 29 වෙනිදා "ලෝක හදවත්" දිනයයි.මේ වසරේ ඔක්තොම්බර් මාසය යොදා ගෙන ඇත්තේ කාන්තාවන් අතර බහුලව දක්නට ඇති "පියයුරු පිළිකා"සම්බන්ධයෙන් ජනතාව දැණුවත් කිරීම බවද ජාතික පිළිකා මර්ධන ඒකකය සදහන් කරයි.

ලෝකයේ කාන්තාවන් මිලියන 2.2 ක් පියයුරු පිළිකා රෝගයට ගොදුරු වී ඇති බවත්,පහසුකම් ඇති රටවල් වල රෝගීන්ට ලොකු අවදානමක් නොමැති බවද පිළිකා මර්ධන ඒකකය සදහන් කරයි.එංගලන්තය සහ ජපානය වැනි රටවල් වලින් පියයුරු පිළිකා රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වුවත්,එම රටවල මරණ සිදුවීම අඩුවක් දක්නට ඇති බවද පැවසේ.පියයුරු පිළිකා රෝගීන් සුව කිරීම රටේ ආදායම අනුව තීරණය වන බවද පිළිකා මර්ධන ඒකකය සදහන් කරයි.

කළින් මල්වර වීම,අර්තව හරණය පමාවීම වැනි කරුණු කළින්ම පියයුරු පිළිකා වැළදීමට එක් හේතුවක් බවටද මේ වන විට හදුනා ගෙන ඇත.රෝග නිශ්චය කර මාස 02 ඇතුළත පූර්ණ ප්‍රතිකාර කිරීම ඉලක්කය වුවත්,පහසුකම් අඩුවීම මෙරට මරණ ප්‍රමාණය පාලනය කර ගැනීමට බාධාවක් වී ඇති බවද පිළිකා මර්ධන ඒකකය සදහන් කරයි.

රැකියා කරන වයස අවුරුදු 45 – 65 කාන්තාවන් පියයුරු පිළිකා රෝගයට ගොදුරු වන බවට හදුනා ගෙන ඇති බවත්,ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඔවුන් පරීක්ෂණ කටයුතු වලට වඩා රැකියාවට මුල් තැන දීම නිසා බවද කියති.

හදවත් රෝගියෙකු කඩිනමින් හදුනා ගන්නා ආකාරය පාසල් විෂය නිර්දේශයට එකතු කළ යුතු බවත්,ඇතැම් අනවශ්‍ය දේවල් විෂය නිර්දේශයන්ට ඇතුළත් කර ඇති බවද ජාතික පිළිකා මර්ධන ඒකකය පෙන්වා දෙයි.

හෘද රෝග ඇති වීමට එක් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ශබ්ද දුෂණය බව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය අනිදු පතිරණ මහතා සදහන් කරයි.ශබ්ද දුෂණය වැළැක්වීම පළාත් පාලන ආයතන සහ පොලීසිය විසින් සිදු කළ යුතු වන නමුත්,ප්‍රමාණවත් නීති පද්ධතියක් ඒ සදහා නොමැති බවද වෛද්‍ය අනිදු පතිරණ මහතා සදහන් කරයි.නීති නොමැති නම් නව නීති පද්ධතියක් ස්ථාපනය කිරීම තුළින් හෝ ශබ්ද දුෂණය අවම කළ යුතු බවත්,බලධාරීන්ට මේවා නොතේරෙන්නේ මන්දැයි ගැටළුවක් බවද විශේෂඥ වෛද්‍ය අනිදු පතිරණ මහතා සදහන් කරයි.

Latest