Skip to content

උතුරේ තරුණයින් අඳුරට යවන Pregabalin

උතුරු පලාතේ මත්උවදුරට ඇබ්බැහි වී සිටින තරුණ පරම්පරාවේ වැඩිම ඇබ්බැහි වීම වී ඇත්තේ Pregabalin මත් පෙති විශේෂයකට බවට උතුරේ ආරක්ෂක අංශ විසින් පෙන්වා දෙයි.

මේ වන විටත් මෙම මත්පෙති වර්ගය සමග ජාවාරම් කරුවන් උතුරේ ස්ථාන කිහිපයකින් අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති අතර එය මහපරිමාණයෙන් සිදුකෙරෙන ජාවාරමක් බවටද මේ වන විට ආරක්ෂක අංශ විසින් හෙලිකරගෙන ඇත..

පසුගිය ගෙවී ගිය මාස කිහිපය තුලදී ඉන්දියාවේ පවා මුහුදු මාර්ගයෙන් රැගනවිත් මන්නාරම් මුහුදු වෙරල ආසන්නයේ කැලෑවන්හී මෙම Pregabalin මත් පෙති විශේෂයට අයත් පෙති ලක්ෂයකට අධික ප්‍රමාණයක් සඟවා තිබියදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගන්නා ලදි.

Pregabalin නැමති මෙම මත් පෙති විශේෂය වැඩි වශයෙන් මන්ද මානසික පුද්ගලයින් සන්සුන් කිරීමට යොදාගන්නා පෙති වර්ගයක් ලෙසින් හැඳින්වුනද එය වැඩි මාත්‍රාවන් වශයෙන් භාවිතා කිරීම හේතුවෙන් ඇතිවන්නාවූ මත්ගතියට උතුරේ තරුණයින් බොහෝ පිරිසක් ඇබ්බැහි වී ඇතැයි වාර්ථා වෙයි.

එමෙන්ම මෙම Pregabalin මත් පෙති විශේෂය අලෙවිකරනා ජාවාරම් කරුවන් විසින් උතුරේ පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් බොහෝ විට අලෙවිකිරීම සිදුකරනු ලබන බවටද එලෙස පාසල් ආසන්නයේ මෙම මත්පෙති විශේෂ අලෙවිකිරීමට උත්සහ ගත් කිහිප දෙනෙකුම ගෙවී ගිය දින කිහිපය තුලදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලිස් අත්අඩංගුවට ගත් Pregabalin මත් පෙති විශේෂය

කෙසේ වෙතත් මෙම Pregabalin මත් පෙති විශේෂය තරුණයින් වැඩි වශයෙන් ලබාගැනීම සිරුට දැඩි අවධානමක් බැවින් එයින් වහාම වැලකී සිටින ලෙසටද උතුරේ රෝහල් වෛද්‍යවරුන් විසින් වැඩිදුරටත් පවසති.

Latest