Skip to content
WorldTech

"ප්‍රාග් යාන්" සිය මෙහෙයුම අවසන් කරයි..

චන්ද්‍රයාන්-3 මෙහෙයුමේ “ප්‍රාග්යාන්” රෝවර් යානය එහි පැවරු මෙහෙයුම් සම්පූර්ණ කර ඇති බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය (ISRO) අද (03) දින නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

සඳුගේ දක්ෂිණ ධ්‍රැවයට පතිත කළ රෝබෝ යානා දෙකෙන් එකක් වන “ප්‍රාග්යාන්” රෝවර් යානයේ සිය මෙහෙයුම් අවසන් වනු ඇති බවත් එය අක්‍රිය කර දැමීමට තීරණය කළ බවද ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය සදහන් කරයි.

දැනට බැටරිය සම්පුර්ණයෙන්ම ආරෝපණය වී ඇති අතර සූර්ය පැනලය 2023 සැප්තැම්බර් (22) වන දින අපේක්ෂිත මීළඟ හිරු උදාවේදී ආලෝකය ලබා ගැනීමට නැඹුරු වී ඇති බවද ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය සදහන් කරයි.

එය තවත් මෙහෙයුම් සදහා සාර්ථක ආරම්භයක් බලාපොරොත්තු වන බවත් එසේ නැතිනම් ඉන්දීය සඳු ගවේෂකයා සදහටම එහි නවතිනු ඇති බවද ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය සදහන් කරයි.

Latest