Skip to content

කැස්බෑව හිටපු නාගරික මන්ත්‍රීනී රුපියල් එක්කෝටි දාහත් ලක්ෂයකට පොල්ල තියලා

ඉහල පොලියක් ලබා දෙන බව පවසමින් රුපියල් එක්කෝටි දාහත් ලක්ෂයක මුදලක් වංචා කල පිළියන්දල මකුළුදූව ප්‍රදේශයේ පදිංචි  කැස්බෑව නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරියක් පිළියන්දල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

විවිධ මන්ත්‍රීවරුන් ගේ නම් පවසමින් විවිධ ව්‍යාප්‍රති සඳහා මුදල් යෙදවීමට බව පවසා සැකකාරිය තමන්ගෙන් මෙම මුදල් ලබා ගත් බවට ඒ සඳහා හසුවූ පිරිස පොලීසිය වෙත පැමිණිලි කර ඇත. මෙම වංචාව සඳහා හසුවී ඇති බහුතරයක් පිරිස කාන්තාවන් වීමද විශේෂත්වයකි.

පසුගිය වසරේ මාර්තු මස සිට මෙම  සැකකාර හිටපු නාගරික මන්ත්‍රීවරිය විසින් මෙම මුදල් ලබාගෙන ඇති බවත් තමන් නැවත මුදල් ඉල්ලා සිටීමේදී එම මුදල් ලබා නොදී තර්ජනය කළ බවට පැමිණිලි කරුවන් පොලීසිය වෙත ප්‍රකාශ කර ඇත. රුපියල් ලක්ෂ 3නේ සිට 25 දක්වා වූ මුදල් ඇය විසින් විවිධ අවස්ථාවන්හිදී මෙලෙස ලබා ගෙන ඇත.

මෙම සිද්ධිය පිළිබඳව පැමිණිලි 11ක් පොලීසිය වෙත මේ වනවිට ලැබී ඇති බව පොළිස්  ආරංචි මාර්ග සඳහන් කර සිටී.

Latest