Skip to content

වැට් බදු සංශෝධන වලට වැටක්..

මුදල් ඇමතිට වැට් බදු සංශෝධනය කරන්න බෑ.. බලතල පාර්ලිමේන්තුවට.!

රාජ්‍ය මුදල් පිළිබඳව පාර්ලිමේන්තු බලතල ප්‍රතිස්ථාපනය කිරීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න විසින් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා විසින් ගෙන එනු ලබන කිසිදු වැට් බදු සංශෝධනයක් පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව බලාත්මක නොවන බවට එම පනත් කෙටුම්පත මගින් පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබේ.‌‌

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් ස්ථීර කර ඇත.

පසුගිය 2019 මැතිවරණයෙන් පසු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වැට් බද්ද 15% සිට 8% දක්වා අඩු කිරීමෙන් රාජ්‍ය ආදායමෙන් තුනෙන් එකක් රටට අහිමි විය.

මෙම යෝජනාව මගින් විධායකයේ ක්‍රියාවන් සම්බන්ධයෙන් සංචරණය හා තුලණාත්මක ලෙස check and balance පිරික්සීම සහතික කරමින් රාජ්‍ය මුල්‍ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සතු බලතල නැවත ලබාදෙන බව මන්ත්‍රී දයාසිරි ජයසේකර සදහන් කරයි.

Latest