Skip to content

බැති ගීයෙන් සවන් පිනවූ විද්‍යාකර බාලිකාවෝ

මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලය ප්‍රාථමික අංශයේ දියණියන් විසින් ඉදිරිපත් කරන ලද පොසොන් බැති ගී සරණිය සිව්වන වරටත් අති උත්කර්ෂවත් අයුරින් ජූනි මස 02දා රාත්‍රියේ දී  එම විද්‍යාල භූමියේදී පැවැත්විණ.

විදුහල්පතිනී කේ.ඒ චන්ද්‍රලතා මහත්මියගේ සහ සහකාර විදුහල්පතිනිය නයනී ගමගේ මහත්මියගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරුනු මෙම බැති ගී ප්‍රසංගය  ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ අධ්‍යක්ෂ නිර්මලා කුමාරි ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. එමෙන්ම  මෙම බැති ගී සරණිය වෙනුවෙන් ගායිකා නන්දා පතිරණ මෙන්ම ගායන ශිල්පී රොහාන් ශාන්ත බුලේගොඩ, දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූ අතරම එම ගායක දෙපළ විසින්ද ගායනාවන් ඉදිරිපත් කරන ලදී.

මෙයට සමගාමීවම පහන් කූඩු නිර්මාණයන් කිහිපයක් මෙන්ම මඤ්ඤොක්කා දැන්සැලක්ද පැවැත්විණ

Latest