හාරිස්පත්තුව ප්‍රාදේශී ලේකම් කොට්ඨාසයේ පූජාපිටිය, බමුණුපොළ ප්‍රදේශයේ නව මත්පැන් අලෙවි හලක් විවෘත කිරීමේ සූදානමක් පවතින බවට චෝදනා කරමින් ගිහි පැවිදි විශාල පිරිසක් විරෝධතාවයක නිරත වූහ.
මෙම විරෝධතාවය සඳහා හාරිස්පත්තුව, පූජාපිටිය, බමුණුපොල, බටුගොඩ, දිවානවත්ත, නාත්තේගොඩ ඇතුළු ප්‍රදේශ රැසක ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියහ.
තරුණ සංවිධාන, පාසල්, දහම් පාසල් සිසුන් හා ප්‍රදේශයේ විවිධ සංවිධාන රැසක නියෝජිතයෝ විශාල පිරිසක්ද මෙම විරෝධතාවයට එක්ව සිටියහ.
පූජාපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූජ්‍ය අලවත්තේගම ධම්මතිලක , ලේඛකාධිකාරී පූජ්‍ය කොහොවල උපනන්ද, මධ්‍යම පළාත් ප්‍රධාන සංඝනායක රාජාංගනයේ සෝරත හිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විරෝධතාවයේදී අදහස් පලකල පූජ්‍ය අලවත්තේගම ධම්මතිලක නාහිමි කියා සිටියේ පූජාපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩල සීමාව තුළ මෙතෙක් මත්පැන් අලෙවි හලක් විවෘත කොට නොමැති බවත් මෙම බල ප්‍රදේශයේ මත්පැන් අලෙවි හලක් විවෘත කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත්ය.
