Skip to content

පොලිස් විශේෂ බළකා අණ නොතැකු කැබ් රථයකට වෙඩි තබයි.

අත්අඩංගුවට ගත් කැබ් රථය.

වවුනියාව , ඊච්චන්කුලම , කල්මඩු සාලම්බන් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා කොස්තාපල්වරයකු අනතුරට පත්කොට ධාවනය කළ කැබ් රථයකට අද(16) අලුයම වෙඩි තැබූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි..

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් නීති විරෝධී දැව ජාවාරමක් වැටලීම සඳහා යමින් සිටියදී සැක කටයුතු කැබ්රථය නතර කරන ලෙස සංඥා කොට ඇති අතර, කැබ්රථය විශේෂ කාර්ය බලකා පොලිස් කොස්තාපල්වරයා අනතුරට පත්කොට ධාවනය කොට ඇති බව සඳහන් කළේය.

එලෙස ධාවනයවූ කැබ්රථයට විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් වෙඩිතබා නතර කොට ඇති අතර එහි තිබී නීති විරෝධීව කපා ප්‍රවාහනය කරන විශාල ප්‍රමාණයේ බුරුත දැව කඳන් හතක් ද සොයාගත් බවද පැවසීය.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ පරයානකුලම් පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් 33529 චන්ද්‍රතිලක නිලධාරියා වේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසූයේ වෙඩිතබන අවස්ථාවේ කැබ්රථයේ සිටි සැකකරු කැබ්රථ ධාවනය වෙමින් තිබියදී රථයෙන් පැන ගොස් ඇති බවත් රථයේ ඉදිරිපස රෝදයකට හා බඳ ප්‍රදේශට වෙඩි වැදී ඇති බවත්ය.

තුවාල ලැබූ නිලධාරියා වවුනියාව මහ රෝහලට ඇතුලත් කළ බවත්, එම නිලධාරියාට බරපතල තත්වයේ තුවාල නොතිබූ බැවින් ප්‍රතිකාර ලබා පිටව ගිය බවත් විශේෂ කාර්ය බලකාය පැවසීය.

අත්අඩංගුවටගත් කැබ්රථය හා එහි තිබූ බුරුත දැව කඳන් තොගය වැඩිදුර විමර්ශන සඳහා ඊච්චන්කුලම පොලිසිය වෙත භාරදී තිබුණි.

වවුනියාව පරයානන්කුලම් පොලිස් විශේෂ කාර්ය බලකාය , ඊච්චන්කුලම පොලිසිය සැකකරු සොයා විමර්ශන සිදුකරති.

Latest